2026 ජූලි 29 බදාදා, 06:40
නවතම පුවත්

සජබ සභාපතිගෙන් සජිත්ට සැර ලියුමක්

සමගි ජන බලවේගයේ සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් පක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරට ලිඛිත දැනුම් දීමක් සිදුකර ඇතැයි වාර්තා වේ.

ඒ, බිම් මට්ටමේ සාමාජිකයන් සමඟ ඇති සම්බන්ධය ශක්තිමත් කිරීම සඳහා පක්ෂයේ පුළුල් ප්‍රතිසංවිධානයක් ආරම්භ කරන ලෙස ඉල්ලමිනි.

නායකත්වය නිර්මාණය කිරීමේ ප්‍රයත්නයේදී ‘කරනම් ගසන්නන්’ මගහරිමින් නායකත්වය සහ සාමාජිකත්වය අතර ශක්තිමත් සබඳතාවක් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව බාකීර් මාකර් එම ලිපියෙන් අවධාරණය කර ඇත.

අනාගත අභියෝග සඳහා සූදානම් වීම සඳහා පක්ෂය එහි ව්‍යුහය සහ මතවාදය පෙළගැස්වීමට තීරණාත්මක පියවර ගතයුතු බව ද අදාළ ලිපියෙන් ඔහු පෙන්වාදී තිබේ.

ලිපියේ සවිස්තරාත්මක නිර්දේශ 12ක් ඇතුළත් වන අතර, සමගි ජනබලවේගය සිය දෘෂ්ටිවාදී ස්ථාවරය ඒකාබද්ධ කරන ලෙස ද එමගින් ඔහු ඉල්ලා සිටියි.

එමෙන්ම බාකීර් මාකර් අවධාරණය කර ඇත්තේ, පක්ෂයේ මතවාදය සාර්ථකව සමාජගත කිරීමට හැකිවන පරිදි එක් කණ්ඩායමක් ලෙස අදහස් හුවමාරු කර ගැනීම සඳහා පක්ෂයේ සාමාජිකයන් ඉහළ සිට පහළට සංවිධානය කළ යුතු බවයි.

පක්ෂය තුළ එකමුතුකමේ වැදගත්කම තහවුරු කරමින් සාමූහිකව තීරණ ගන්නා ලෙස ද ඔහු ඉල්ලීමක් කර ඇත.

අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීම සඳහා, හැකි සෑම අවස්ථාවකදීම වගකීම් පැවරීමට සහ ඡන්ද විමසීමේදී සාමාජිකයන් සම්බන්ධ කර ගන්නා ලෙස ද ඔහු යෝජනා කර තිබේ.

සමගි ජන බලවේගයේ සභාපතිවරයා වන ඉමිතියාස් බාකීර් මාකර් හට සජබ නායක සජිත් ප්‍රේමදාස පසුගිය මහමැතිවරණයෙන් අනතුරුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු අසුනක් ලබාදුන්නේ නැත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories