2026 ජූලි 26 ඉරිදා, 13:59
නවතම පුවත්

දෑස් දන්දීමට ලක්ෂ 22කට අධික පිරිසක් ලියාපදිංචි වෙති

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විසින් පවත්වාගෙන යනු ලබන වැඩසටහන් යටතේ මියයෑමෙන් පසු සිය දෑස් දන්දීම සඳහා පුද්ගලයන් විසි දෙලක්ෂ අසූහත්දහසක (2,287,000) පමණ දැවැන්ත පිරිසක් මේ වන විට පොරොන්දු පත්‍ර ලබා දී තිබේ.

එම සංගමයේ සභාපති අයෝධ්‍යා සම්පත් ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ පසුගිය 2025 වසරේදී පමණක් පුද්ගලයන් ලක්ෂ දෙකකට අධික පිරිසක් අලුතින් මෙම උදාර සත්කාර්යය සඳහා ලියාපදිංචි වී ඇති බවයි. වර්තමානය වන විට ද මසකට සාමාන්‍යයෙන් 300කට ආසන්න පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිය දෑස් දන්දීම වෙනුවෙන් පොරොන්දු පත්‍ර ලබා දෙන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

වසර හැට හතරක ප්‍රශස්ත ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය, මෙරට මියගිය පුද්ගලයන්ගෙන් ලබාගත් අක්ෂි කුනීත ලක්ෂයක් මේ වන විට විදේශීය රටවල පෙනීම අහිමි වූවන් වෙත බද්ධ කිරීම සඳහා ලබා දී තිබේ. මෙලෙස අක්ෂි කුනීත ලක්ෂයක් බෙදා හරිමින් ලෝකයටම ආලෝකයක් ලබා දීම නිමිත්තෙන් විශේෂ ජාතික උත්සවයක් ලබන 30 වැනිදා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ජනාධිපතිවරයා, අගමැතිවරිය, මැති ඇමැතිවරුන් මෙන්ම විදේශීය දූත මණ්ඩලවල රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිත බව ද අක්ෂිදාන සංගමයේ සභාපතිවරයා පැවසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories