බලපත්ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු කළ සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට බරපතළ වැඩසහිත වසර 15ක සිරදඬුවම් ලබාදීමට කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියම කළහ.
ඊට අමතරව විත්තිකරුට රුපියල් ලක්ෂ 206ක දඩයක් ගෙවීමටත්, අදාළ අලියා රාජසන්තක කිරීමටත් නියම කෙරිණි.
දිගුකාලීන නඩු විභාගයකින් අනතුරුව විනිසුරු මංජුල තිලකරත්න, ආර්.එස්.එස්. සපූවිද සහ ලංකා ජයරත්න යන මහාධිකරණ මඩුල්ල මෙම නියෝගය නිකුත් කළ අතර, නඩු චෝදනා ලැබ සිටි තවත් විත්තිකරුවන් තුන් දෙනෙකු ද විනිසුරු මඩුල්ල නිදොස් කොට නිදහස් කළහ.