2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 18:15
නවතම පුවත්

දේශපාලන කුහකත්වය ගැන දිලිත්ගෙන් දේශපාලඥයින්ට පාඩමක්

අවලාද නගමින්, කුහකත්වය, ඊර්ෂ්‍යාව පදනම් කරගෙන තවත් පුද්ගලයෙකුට අපහාස කරමින් දේශපාලනය කිරීම තුළින් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බව සර්වජන බල පක්ෂයේ ජා-ඇල ආසනයේ අපේක්ෂක හමුවක් අද (19) මා බෝල ප්‍රදේශයේදී, සර්ව ජනබලයේ නායක ව්‍යවසායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පැවසුවේ ලොව පුරාම දියුණු වූ රටවල් භාවිතා කළ ව්‍යවසායකත්ව මනස ඇතුව කටයුතු කිරීමේ සංකල්ප අනුව කටයුතු කළහොත් මෙරට ගොඩනැගිය හැකි බවය.

“අපි රටක් ජාතියක් හැටියට හඬ ගා කියන්නට ඕනේ අපි ඉන්නේ එකට. අපිට විවිධ ආගම් විවිධ වර්ග කුළ මොනවා තිබුණත් අපි ඉන්නේ එකට.”

“අපි සර්වජන බලය හැටියට ගමට ව්‍යවසායකත්ව මනස ගෙන ගොස් ඒ සඳහා අපි භාවිතා කරන සර්වජන සභා කියන සංකල්පය තුළින් ගමේ දැනෙන වෙනසක් කරන්න කටයුතු කරනවා. ඒ කටයුතුත්ත කරන්නට තමා ඒ ඉතාම හොඳ අවස්තාව ලබාගෙන තිබෙන්නේ. වෙනදාට පළාත් සභාවකින් සිද්ධ වුණේ සාම්ප්‍රධායික වැඩ. ඒ ගමේ යටිතල පහසුකම් ඒ නගරයේ යටිතල පහසුකම් මේවා බලන්නට සමහර වෙලාවට ඒවාට අවශ්‍ය සහයෝගිත්වය තමයි බලාපොරොත්තු වුණේ. හැබැයි අපි එයින් ඔබ්බට ගිහිල්ලා අපිට ඕන ගම නිර්මාණය කරන්නට ගම තුළින්ම නැගෙන ව්‍යවසායකත්වය තුළින්.”

“මට විශ්වාසයෙන් යුක්තව කියන්නට පුළුවන් මෙම පාළාත් පාලන මැතිවරණයෙන් පසුව අපි ආරම්භ කිරීමට නියමිත සර්වජන සභා තුලින් ඔබේ ගමේ ඔබට දැනෙන වෙනසක් ඔබ නියෝජනය කරන ඔබගේ කොට්ඨාසයේ ඒ මිනිස්සුන්ට දැනෙන වෙනසක් අපිට නිර්මාණය කරන්නට පුළුවන්. ඔවුන් ඔබට ගරු කරන වෙනසක් අපිට කරන්නට පුළුවන්. අපි ආදර්ශමත්ව එය කළ යුතුයි. එතකොට තමයි මේ රට ගොඩ යන්නට පුළුවන්. වෙන ක්‍රමයන් නෑ මේ රට ගොඩ යන්න.”

“අවලාද නගමින් ඒ කුහකත්වය ඊර්ෂ්‍යාව පදනම් කරගෙන තවත් අයට මඩ ගසමින් දේශපාලනය කිරීම තුළින් රටක් ඉදිරියට යන්නේ නෑ. රටක් ඉදිරියට යන්න නම් අපේ මේ සංකල්පය ලොව පුරාම දියුණු වූ රටවල් භාවිතා කරපු ඒ ව්‍යවසායත්ව මනස ඇතුව කටයුුතු කිරීම කියන එකත් සඳහන් කරන්න ඕනේ.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories