2026 ජූලි 28 අඟහරුවාදා, 01:16
නවතම පුවත්

හැටන් ලංගම ඩිපෝවට දිනකට 15%ක ආදායමක් අහිමි වෙයි

ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධව ධාවනය කිරීම සඳහා නිකුත් කර ඇති කාලසටහන උල්ලංඝනය කරමින්, මධ්‍යම පළාත් නුවරඑලිය මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය යටතේ පාලනය වන බල ප්‍රදේශවල පෞද්ගලික බස් රථ ධාවනය කිරීම නිසා හැටන් ලංගම ඩිපෝවට දිනකට 15%ක ආදායම් තත්ත්වයක් අහිමි වී ඇති බව, එම ඩිපෝවේ කළමනාකාරවරයා විසින් මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

හැටන් සහ නුවරඑළිය පෞද්ගලික බස් නැවතුම්පොළවල්වලින් නියමිත වේලාවට පෞද්ගලික බස් රථ ධාවනයට එක් කළ ද, එම බස් රථ සිය ගමනාන්තය වෙත නියමිත වේලාවට ධාවනය නොකිරීම නිසා, ඊට පිටුපසින් ලංගම බස් රථය ධාවනය කිරීමට සිදුවීම හමුවේ, මෙම ආදායම් තත්ත්වය පහළ බැස ඇති බව එම ලිපියේ සඳහන් කර ඇත.

තවද, හැටන් පෞද්ගලික බස් රථ වේලා සටහන්කරුවන්ට පෞද්ගලික බස් රථවලින් සන්තෝසමක් ලැබෙන නිසා, ලංගම සහ පෞද්ගලික ඒකාබද්ධ ධාවන කාලසටහන ඔවුන් විසින් ක්‍රියාත්මක නොකරන බවයි, හැටන් ලංගම ඩිපෝවේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසුමක දී ඔහු කියා සිටියේ, මෙම ගැටළුව සම්බන්ධයෙන් දෙපාර්ශවයම හැටන් නගරයෙදී කැඳවා හෙට දින සාකච්ඡාවක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories