2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:35
නවතම පුවත්

බහාලුම් අර්බුදයේ අභිරහස හෙළිවෙයි – ගම්මන්පිල රහස් ලැයිස්තුවක් සමඟ!

රටපුරා ප්‍රශ්නගත බහාලුම් 323 නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (ජූනි 09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණි අතර එහිදී, සිද්ධියට අදාළව තොරතුරු රැසක් ඔහු මාධ්‍ය වෙත හෙළි කළේය.

ගම්මන්පිල මහතා පැවසුවේ, මෙම ආන්දෝලනාත්මක බහාලුම් 323ට අදාළ සම්පූර්ණ ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමට තමා සූදානම් බවයි.
“මා සතුව සත්‍ය කරුණු තියෙනවා. කිසිම වෙලාවක සාක්ෂි නැතිව මම මේ වගේ චෝදනාවක් කරන්නේ නැහැ,” ඔහු තරයේ කියා සිටියේය.

එමෙන්ම, මෙම සිද්ධියට අදාළ තීරණ ගත් ඇතැම් නිලධාරීන් මේ වන විටත් රටින් පිටවීමට උත්සාහ කරන බවට තොරතුරු ලැබී ඇති බවද ගම්මන්පිල මහතා හෙළි කළා. ඒ අනුව, එම නිලධාරීන්ට විදෙස් ගමන් තහනමක් පනවන ලෙස CIDයෙන් දැඩිව ඉල්ලා සිටින බවට ඔහු අවධාරණය කළ අතර මේ පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බවටත් ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ, ගම්මන්පිල මහතාගේ මෙම ප්‍රකාශයන් සමඟ බහාලුම් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී තවත් පුළුල් තොරතුරු රැසක් අනාවරණය වීමට ඉඩ ඇති බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories