2026 ජූලි 31 සිකුරාදා, 11:37
නවතම පුවත්

සිරිමාවෝ සිද්ධියට අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිගෙන් වාර්තා කැඳවයි !

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පසුගියදා පැවැති වාර්ෂික වර්ණ ප්‍රදානෝත්සවය අතරතුර සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීමෙහි දර්ශන පටයක් Island voice lk අප පුවත් නාලිකාව හරහා මුල් වරට මාධ්‍ය වෙත මුදාහරින ලදී . ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ අධ්‍යාපන අමාත්‍යාංශය, අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ විදුහල්පතිගෙන් විධිමත් වාර්තාවක් කැඳවා තිබේ.

සමාජ මාධ්‍ය ජාලාවල දැඩි කතාබහට ලක්වූ මෙම සිදුවීම පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විටත් සිය පූර්ණ අවධානය යොමු කර ඇත. අදාළ සිදුවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් විද්‍යාලයේ විදුහල්පතිනියගෙන් වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යාංශය දැනුම් දී තිබෙන්නේ ද ඒ අනුවය .

ඉදිරි පියවර වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ ,විදුහල්පතිනියගේ වාර්තාව ලැබුණු වහාම ඒ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරන බවයි.

එසේම අදාළ කරුණු සලකා බලා ඉදිරි උපදෙස් සහ අවශ්‍ය විනයානුකූල හෝ පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවයි.

කවදත් යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින Island voice lk අප සිදු කළ මෙම හෙළිදරව්වත් සමග අධ්‍යාපන බලධාරීන්ගේ යුහුසුලු මැදිහත්වීම පිළිබඳව පුවත් නාලිකාවක් ලෙස අප සතුටට පත් වෙමු . මෙම ගැටලුව කඩිනමින් විසඳීමට අවශ්‍ය ඉදිරි පියවර ද අදාළ බලධාරීන් විසින් අපක්ෂපාතීව ගනු ලබනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු .

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories