2026 ජූලි 28 අඟහරුවාදා, 04:59
නවතම පුවත්

2026 නව වසරට ජනපතිගෙන් සුභාශිංසන පණිවිඩයක්

සිරිලක නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් උදා වූ 2026 නව වසර, රට යළි ගොඩනැගීමේ දැවැන්ත කාර්යභාරය සහ විශාලතම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දෙවුර දරාගත් ජාතියක් ලෙස පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. නව වසර වෙනුවෙන් විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පසුගිය වසර අභියෝග රැසක් මධ්‍යයේ වුවද තිරසාර සංවර්ධනයක අඩිතාලම දැමූ වසරක් වූ බවයි.

පසුගිය 2025 වසරේ ලබාගත් ආර්ථික ජයග්‍රහණ පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, 1977 වසරෙන් පසු වාර්තා වූ අඩුම අයවැය හිඟය සහ 2007 වසරෙන් පසු ලබාගත් වැඩිම රාජ්‍ය ආදායම රටේ ආර්ථික ස්ථාවරත්වයට සාක්ෂි දරන බවයි. එමෙන්ම ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පවත්වා ගැනීම, භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 17 ඉක්මවීම සහ සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනය 2025 වසරේ ලද සුවිශේෂී ජයග්‍රහණ බව ද ඔහු පෙන්වා දුන්නේය.

මෙම ගොඩනැගීමේ වැඩපිළිවෙල සමඟ නොසැලෙන අධිෂ්ඨානයෙන් සහ සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගන්නා ලෙස ජනාධිපතිවරයා සියලු ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරයි. රට හමුවේ ඇති අභියෝග නිවැරදිව අවබෝධ කරගනිමින්, ජයග්‍රාහී මාවතක ඉදිරියට යාමට මෙම නව වසර සියලු දෙනාට යහපත උදා කරන වසරක් වේවායි ඔහු සුබ පැතුම් එක් කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories