2026 ජූලි 27 සඳුදා, 20:37
නවතම පුවත්

සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ කුලුනු 77ම අක්‍රීයයි

ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ඇති සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ කුලුනු 77ම අක්‍රිය තත්ත්වයක පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සම්පත් කොටුවේගොඩ මහතා පවසයි.

අද (නොවැම්බර් 05) පැවැත්වීමට නියමිත ‘සුනාමි ආපදා’ පෙරහුරු වැඩසටහන සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (නොවැම්බර් 04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව අනාවරණය කළේය

මෙම සුනාමි කුලුනු සඳහා සංඥා ලබාදීමට අදාළව අභ්‍යාවකාශයේ රඳවා තිබූ චන්ද්‍රිකාව ක්‍රියාත්මක නොවීම නිසා මෙම පූර්ව අනතුරු ඇඟවීමේ කුලුනු 77 අක්‍රිය වී තිබේ.
මෙම තත්ත්වය දැනට වසර තුනක සිට පවතින බව DMC හි අධ්‍යක්ෂ, මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
අමෙරිකා එක්සත් ජනපදයට අයත් සමාගමකට අයත් මෙම චන්ද්‍රිකාව මගින් සංඥා ලබා ගැනීමට අදාළව ශ්‍රී ලංකා රජය වාර්ෂිකව රුපියල් මිලියන හතක මුදලක් එම සමාගමට ගෙවා ඇතැයි ද අනාවරණය විය.
එක් පූර්ව අනතුරු ඇඟවීමේ කුලුනක් ඉඳිකිරීම සඳහා රුපියල් මිලියන 4ක පමණ මුදලක් වැය කර තිබේ.

අක්‍රිය වූ කුලුනු නැවත සක්‍රීය කර ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ජාත්‍යන්තර සංවිධාන කීපයක් සමග සාකච්ඡා කරමින් පවතින බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

කුලුනු අක්‍රිය වුවද, පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේද 15ක් තිබෙන බවත්, ඉන් එක් ක්‍රමවේදයක් පමණක් කුලුනු බවත් ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැහැදිලි කළේය. එක් පද්ධතියක් අසාර්ථක වුවහොත් අනෙක් විකල්ප ක්‍රමවේද 14 ශ්‍රී ලංකා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව සාර්ථකව ක්‍රියාත්මක කරන බවත්, කුලුනු හරහා නිකුත් කළ යුතු පණිවුඩය ප්‍රජාවට ලබාදීමට ගම් මට්ටමින් ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories