2026 ජූලි 31 සිකුරාදා, 20:14
නවතම පුවත්

“ගව ශුක්‍රාණු රටින් ගෙනත් හරක් හදනවා” නාමල් කියයි.

මෙරට කිරි කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින්, උසස් වර්ගයේ සතුන්ගේ ලිංග නිර්ණය කරන ලද ශුක්‍රාණු ආනයනය කර දියුණු සතුන් 15,000ක් බිහිකිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය. මෙම සැලැස්ම ඉදිරිපත් කරමින්, ඊයේ (ජූලි 14) කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම අවස්ථාවට ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර මහතා ද එක්ව සිටියහ.

පසුගිය කාලයේදී ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද හරක් 5,000න් මේ වන විට සතුන් 400ක්වත් නොමැති බවත්, එම සතුන් මෙරට දේශගුණයට නොගැළපෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවද ඔහු කියා සිටියේය. දැනට දිනකට කිරි ලීටර් ලක්ෂ 10ක් නිෂ්පාදනය වන අතර, මෙය රටේ අවශ්‍යතාවයෙන් සියයට 35ත් 40ත් අතර ප්‍රමාණයක් පමණක් බවත්, වසර පහක වැඩපිළිවෙළක් මගින් දෛනික කිරි නිෂ්පාදනය ලීටර් ලක්ෂ 30ක් දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා දිවයින පුරා තිබෙන පශු වෛද්‍ය කොට්ඨාශ 337ම පදනම් කරගත් වැඩසටහනක් මෙම මස 20 වැනිදා ආරම්භ කිරීමට නියමිතය. මෙම වැඩපිළිවෙළ හරහා දෛනිකව කිරි ලීටර් 20 ඉක්මවා උත්පාදනය කරන කිරි ගොවිපොළවල් 22,500ක්ද, කිරි ලීටර් 40 ඉක්මවූ ගොවිපොළවල් 15,000ක්ද, කිරි ලීටර් 100 ඉක්මවා නිෂ්පාදනය කරන ගොවිපොළවල් 1,200ක්ද ඇති කිරීමට අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ, වර්තමාන තරුණ පරපුර කිරි කර්මාන්තයට ප්‍රවේශවීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories