2026 ජූලි 29 බදාදා, 07:30
නවතම පුවත්

විජය හා විජේවීරව මරපු හැටි හොයන්නැයි චාමර සම්පත් ඉල්ලයි

සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක දුන් ප්‍රතිඥාවට අනුව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහ සිනමා නළු වූ විජය කුමාරතුංගගේ ඝාතන පිළිබඳ සොයා බැලිය යුතු බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවේදී පැවසීය.

“ජනාධිපතිවතිවරයා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ යට ගිය නඩු නැවත ගොඩ ගන්නවා කියලා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහ රංගන ශිල්පී විජය කුමාරතුංග සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස අපි ඉල්ලා සිටිනවා” යැයි දසනායක මන්ත්‍රීවරයා පැවසීය.

“කිරුළපන පොලිසියේදී විජේවීරගේ ඇස් බැන්දේ කවුද, ඔහුව මැරුවේ කොහොමද, බොරැල්ල කනත්තට ගෙනාවේ කොහොමද කියලා හොයලා බලන්න. විජයට වෙඩි තැබුවේ කවුද, ඔහුට වෙඩි තැබීමට ටී 56 රයිෆලය ඝාතකයා ලබා ගත්තේ පොල්හේන්ගොඩ කුමන ගරාජයෙන්ද යන්නත් සොයා බලන්න. විජේවීරගේ දරුවන්ට සහ විජයගේ දරුවන්ට යුක්තිය ඉටු කරන්න, ”යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

“1989 දී එක් දරුවෙක් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වූ පමණින් එක පවුලක සියලුම දරුවන් ඝාතනය කිරීමේ සිද්ධියක් ඌවේ සිදු වුණා. මේ සිදුවීම් ගැනත් සොයා බැලිය යුතුයි.” යනුවෙන් ද ඔහු පැවසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories