2026 ජූලි 29 බදාදා, 15:49
නවතම පුවත්

මාලිමා ආණ්ඩුවෙන් මේ වනවිට CID ගිය ගාණ හතරයි

ජාතික ජන බලයවේග ආණ්ඩුවට මාසයක් ඉක්ම යන විට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) එහි මැති ඇමතිවරුන් කිහිපදෙනකු විසින් විවිධ කාරණා සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කර ඇත.

අවම වශයෙන් ජාතික ජන බලයවේග මැති ඇමතිවරුන් හතරදෙනකු දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තම නමට ඉදිරියෙන් ‘ආචාරය’ යන පදවි නාමය එක් කිරීම පිළිබඳව කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක් මේ වනවිටත් ක්‍රියාත්මක වේ.

CID රහස් පරීක්ෂක කණ්ඩායමක් පසුගියදා පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත්හ.

මෙම පරීක්ෂණයට අදාළව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා තවත් දෙදෙනකු සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබිණි.

රටවල් කිහිපයක සිටින ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කර ගනිමින්, WhatsApp හරහා සිය නම භාවිත කරමින් සිදුකරන වංචාවක් සම්බන්ධයෙන් කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ද CIDයට පැමිණිල්ලක් පසුගියදා ඉදිරිපත් කළේය.

මේ අතර, තමා සතුව පවතින අධ්‍යයන සුදුසුකම් නොමැති බවට සමාජ මාධ්‍ය ජාලා ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

ජාතික ජන බලයවේග කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, තමාව පෞද්ගලිකව ඉලක්ක කර “සමාජ මාධ්‍යවල සංසරණය වන ද්වේශසහගත සහ අසත්‍ය ප්‍රවෘත්ති” සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා CID වෙත පැමිණිලි කළ නවතම ජාතික ජන බලයවේග සාමාජිකාව බවට පත්විය.

ජාතික ජන බලයවේගයේ කොළඹ දිස්ත්‍රික් පිරිමි මන්ත්‍රීවරයෙකු සහ එම පක්ෂයේම මන්ත්‍රීවරියක අතර ඇති බව කියන ප්‍රේම සම්බන්ධයක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය වාර්තා කිරීම හේතුවෙන් ඇය මෙම පැමිණිල්ල කර තිබේ.

අදාළ මන්ත්‍රීවරයාගේ බිරිඳ පිළියන්දල පොලිසියටද පැමිණිල්ලක් කර ඇත.

“මා පිලිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ද්වේශසහගත සහ මුළුමනින්ම අසත්‍ය පුවත්, විශේෂයෙන් මා හට පෞද්ගලිකව ඉලක්ක කරමින් පළ කරන ඒවා පිළිබඳව සී.අයි.ඩී ය (CID) වෙත මා විසින් අද නිල පැමිණිල්ලක් ගොනු කළෙමි.

මෙවැනි පහත් ක්‍රම මගින් කාන්තාවන් දේශපාලනයෙන් ඉවත් කිරීමට උත්සාහ කරන්නේ නම්, අප ඔවුනට කියන්නේ – ඔබලා තවත් උත්සාහ කරන්න! එවැනි අසාර්ථක උපක්‍රමවලින් සාමූහික ව්‍යාපාරයකින් බිහි වුණු රජයක් බිඳ වැට්ටීමට සිතන්නේ නම්, ජීවීත කාලයම උත්සාහ කරන්න!
මෙවැනි දේශපාලනිකව අනාථ වූ කණ්ඩායම් මෙවැනි සිල්ලර කුමන්ත්‍රණවලට වෙර දරන මධ්‍යයේ, අපි අපේ ගමන යන්නෙමු. 😄💪🏻” යැයි කෞෂල්‍යා ආරියරත්න සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories