2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:36
නවතම පුවත්

ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

පසුගියදා අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ සිදුවූ ඝාතනය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඒ අනුව, මේ වනවිට අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු හුවමාරු කර ගනිමින් විමර්ශන කටයුතු සිදු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

වෙඩික්කරු අපරාධය සිදු කිරීමෙන් අනතුරුව, කුලී රථ සේවාවක් ඔස්සේ ලබාගත් ත්‍රීරෝද රථයකින් කඩොල්කැලේ හංදිය අසලට ගොස්, කොච්චිකඩේ – රිදීවැල්ල මාර්ගයේ නැවතී සිට, නීතීඥයෙකු ලෙස ඇඳ සිටි ඇඳුම් එහි දමා ගොස් ඇති අතර, පසුව අපරාධයට සහාය වූ සැකකාරිය වෙනත් ත්‍රීරෝද රථයකින් ඔහු සිටි ස්ථානයට පැමිණ ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

අදාළ වෙඩික්කරු 2019.12.12 දින ශ්‍රී ලංකා යුද හමුදාවේ තුන්වන කමාන්ඩෝ බලකායට බැඳී රාජකාරී කර, 2024 මැයි මාසයේදී පොදු සමාව යටතේ ඉන් ඉවත්ව ඇති බවට වාර්තා වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා සඳහන් කළා.

අපරාධය සිදු කිරීමට පෙර වෙඩික්කරු හා කාන්තාව කඩුවෙල පිහිටි ලැගුම්හලක සිට ඇති බවත්, එහි පැමිණි පුද්ගලයෙක් පාර්සලයක් ලබාදී ඇති බවත්, එහි අපරාධය සිදු කිරීමට යොදාගත් ගිනි අවිය සහ නීතීඥ ඇඳුම තිබී ඇති බවට සැකකරුගේ ප්‍රකාශ මත සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මියගිය ගණේමුල්ල සංජීවගේ පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් ඊයේ (20) දින සිදුකර ඇති බවද, මෘතදේහය ඔහුගේ මවට භාර දී ඇති බවද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. 

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories