අගෝස්තු 16 වනදා සිට Ella Weekend Express නමින් නව සුඛෝපභෝගී දුම්රියක් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
මඟීන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම නව දුම්රිය ධාවනයට එක් කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ආසන 350කින් සමන්විත මෙම දුම්රිය සෑම සෙනසුරාදා දිනකම අලුයම 5.30 ට කොළඹ කොටුවෙන් බදුල්ල බලා පිටත්වීමට නියමිත අතර, ඉරිදා රාත්‍රී 9.00 ට බදුල්ලෙන් කොළඹ කොටුව බලා ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියේ.