2026 ජූලි 29 බදාදා, 15:36
නවතම පුවත්

සෞඛ්‍ය ඇමති නුවර ඉස්පිරිතාලයක් චෙක්කරන්න ගිය කතාවේඇත්ත මොකද්ද ?

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ ඔචාරිකාවක නිරත වූ බවටත් එහිදී යම් යම් පරීක්ෂා කිරීම් සහ අඩුපාඩු පෙන්වා දී ඇති බවටත් ජනමාධ්‍ය ඔස්සේ පළවන වාර්තා ඇමැතිවරයා ප්‍රතික්ෂේප කරයි.

ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, එම සාවද්‍ය ප්‍රවෘත්තියේ සදහන් පරිදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස එම ධූරයට පත්වූ පසු මේ දක්වා මහනුවර හෝ දිවයිනේ වෙනත් කිසිදු ප්‍රදේශයක රෝහල් නිරීක්ෂණයකට සහභාගි වී නොමැති බව අවධාරණය කරන බවයි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

‘සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ පෙරවරු 9.00 සිට රාත්‍රී 8.00 පමන දක්වා කොළඹ 10 පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ රුදී සිටි අතර එ් මහතාට පරිශ්‍රයෙන් බහැරව යාමට අවස්ථාවක් නොතිබිණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ උදෑසන සිට පස්වරුව දක්වා සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රධාන වෘත්තීය සමිති 07ක නියෝජිතයන් සහ අමාත්‍යාංශයේ නිළධාරීන් සමග සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය හා සේවා ගැටලු පිළිබදවත් විශේෂයෙන්ම සෞඛ්‍ය සේවාව නගා සිටුවීමේ ඉදිරි සැළසුම් සකස් කිරීම පිළිබදවත් එම නියෝජිතයන් සමග දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනීමක් සිදුකරන ලදී.

එවන් තත්ත්වයක් යටතේ ඊයේ (22) ගරු අමාත්‍යතුමාට මහනුවර හෝ දිවයිනේ වෙනත් කිසිදු ප්‍රදේශයක රෝහල් නිරීක්ෂණය කිරීමට යාමට අවකාශ නොතිබූ බව නැවත අවධාරණය කරමි.

මෙවන් සාවද්‍ය ප්‍රවෘත්ති පළකිරීම් මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් හා ආයතන අපහසුතාවයට පත් නොකරන ලෙසත් එවන් සාවද්‍ය ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර මහජනතාව නොමග යැවීම සිදු නොකරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි.’

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories