ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත ෂෙරිෆ් දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්ථානයක සිදුවූ දැවැන්ත පිපිරීමකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පිපිරීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති බවයි.
මෙම ඛේදජනක සිදුවීම පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුවෙමින් පවතින අතර, මියගිය නිලධාරීන් පිළිබඳව තොරතුරු තවමත් නිල වශයෙන් නිකුත් කර නොමැත. පිපිරීම සිදුවූ ස්ථානයට ආරක්ෂක අංශ පැමිණ ඇති අතර, ප්‍රදේශය මේ වන විට මුද්‍රා තබා ඇත.
මෙම අනපේක්ෂිත සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී වාර්තා වනු ඇත.