සිරි දළදා වන්දනාවට ගිය තමන්ට ඊයේ (24) දිනයේ දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට හැකියාව ලැබුණු බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසනවා.
වෙනදා දළදා මාලිගාව යනු පිච්ච මලින් සුවඳවත් වූ තැනක් නමුත්, මේ අවස්ථාවේදී එය කුණු ගඳ ගසන තත්ත්වයට පත්ව ඇති බවයි අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ.
වියදම් කපා හැරිය යුතු බවට ආණ්ඩුවේ පාර්ශව ප්‍රකාශ කරන බවත්, සරලකම යනු හිඟනකම නොවන බවත්, දළදා වහන්සේ යනු මෙරට මුදුන්මල්කඩ බවත් උන්වහන්සේ ප්‍රකාශ කළා.
මෙම දළදා ප්‍රදර්ශනය හදිස්සියේ යොදා ගැනීම නිසා හෝ මහනායක හිමිවරුන්ගේ අවවාද නොසලකා හැරීම නිසා ආණ්ඩුව මෙය ‘අනාගෙන’ ඇති බවද, දළදා ප්‍රදර්ශනය පවත්වන්නේ රාජ්‍ය අනුග්‍රහයෙන් බවට පැවසුවද, දළදා ප්‍රදර්ශනයට කොපමණ මුදලක් වෙන් කර ඇද්දැයි ගැටලු සහගත බවද උන්වහන්සේ සඳහන් කර සිටියා.
කයිවාරු ගැසුව ද, වැඩ බැරි බව ඔවුන් ඔප්පු කරමින් ඇති බවයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වැඩිදුරටත් පවසා සිටින්නේ.