2026 මැයි 15 සිකුරාදා, 14:24
නවතම පුවත්

දේශපාලන බලපෑම් මත යට ගැසූ අපරාධ 7ක් එළියට ගනී

දේශපාලන බලපෑම් මත යට ගසා තිබූ අපරාධ 07ක් සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කර ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාට නියෝග කර ඇත.

ප්‍රගතිය නිරීක්ෂණය නොවූ මෙම අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කරන ලෙසත් අවශ්‍ය නිලධාරීන් සහ ඒ සඳහා සියලු පහසුකම් ලබාදෙන ලෙසත් මහජන ආරක්ෂක අමාත්‍යාංශය නියෝග කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.

විමර්ශන කඩිනම් කිරීම සඳහා ලබාදුන් අපරාධ සිද්ධීන් 07 මෙසේය.

  1. 2015 වර්ෂයේ දී සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ විමර්ශන
  2. පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය
  3. ජනමාධ්‍යවේදියකු වූ භාරතී ශිවරාම් හෙවත් ධර්මරත්න ශිවරාම් නමැත්තා 2005 වර්ෂයේ අප්‍රේල් මස 28 වැනිදා බම්බලපිටිය පොලිසිය ඉදිරිපිටදී නාඳුනන සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධිය
  4. නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාව සිටි සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් 2006 වර්ෂයේදී පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම
  5. ලලිත් කුමාර සහ කූගන් මුරුගානන්දන් ඉකුත් 2011 වර්ෂයේ දෙසැම්බර් 09 වැනිදා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම
  6. ප්‍රකට ව්‍යාපාරිකයකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතා සිය දිවි හානිකර ගත් බව කියන සිද්ධිය. ෂාෆ්ටර් සියදිවි හානි කරගත් බවට ප්‍රකාශ වුවද පංචපුද්ගල අධිකරණ වෛද්‍ය නිලධාරි මඩුල්ල විසින් ලබාදුන් වාර්තාවේ මෙම මරණය සැක සහිත බව සඳහන් විය.
  7. වැලිගම W15 – හෝටලය ඉදිරිපිටදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සහ වැලිගම පොලිසියේ නිලධාරීන් අතර වෙඩි හුවමාරුවකින් අපරාධ කොට්ඨාසයේ සැරයන්වරයකු මියයෑමේ සිද්ධිය.

මෙම අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කර තරාතිරම නොබලා සැකකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ද වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලැබී ඇත.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories