2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 11:30
නවතම පුවත්

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට වෙන්කරන මුදල පොලිස් රෝහලට අවුරුද්දකට වෙන්කරන මුදලටත් වඩා වැඩියි – ඇමැති විජිත කියයි

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂාව අඩුකර ඇති බවට මෑතක ඇතැම් පාර්ශව පළකර ඇති ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත්, මෙතෙක් එවැනි පියවරක් ගෙන නොමැති බවත් රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් කියාසිටියේය.

සතිපතා පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය හේරත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත්කර ඇති බවත්, වාර්තාවක් ලැබුණු පසු කැබිනට් මණ්ඩලය මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත්ය.රජය මේ සම්බන්ධයෙන් සාධාරණව සළකා බලා තීරණයක් ගන්නා බවත්, හිටපු රාජ්‍ය නායකයන්ට අවශ්‍ය ආරක්ෂක තොරතුරු පමණක් ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ආරක්‍ෂාව අඩුකර ඇති බවට පසුගියදා කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය හේරත් කියාසිටියේ, එවැනි තීරණයක් ගෙන නොමැති බවත් ඇයගේ ප්‍රකාශ අසත්‍ය බවත්ය.මේ වන විට 57 දෙනකුගෙන් යුත් ආරක්ෂක ඛණ්ඩයක් ඇයට සපයා ඇති බව ඔහු අනාවරණය කළේය.

හිටපු ජනාධිපතිවරුන්ට ආරක්ෂක නිලධාරීන් 100කට අධික සංඛ්‍යාවක් මෙන්ම විවිධ වාහන සහ ගිලන්රථද ලබාදී ඇති බවද රජයේ ප්‍රකාශකවරයා පෙන්වාදුන්නේය.

රජයට මෙම සේවාව(හිටපු ජනාධිපතිවරුන්ට පොලිස් ආරක්ෂාව ලබාදීම) පවත්වාගෙන යෑමට වාර්ෂිකව රුපියල් මිලියන 1,100ක් වැයකරන බවත්, එම ප්‍රතිපාදන ප්‍රමාණය පොලිස් රෝහලට වාර්ෂිකව වෙන්කරන ප්‍රතිපාදන ප්‍රමාණයට වඩා වැඩි බවද ඇමැතිවරයා පෙන්වාදුන්නේය.

කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති ආරක්‍ෂාව වෙනස්විය යුතු බව රජයේ අදහස බව අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් සඳහන් කළේය

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories