2026 ජූලි 27 සඳුදා, 21:33
නවතම පුවත්

වෙනිසියුලාව ව්‍යාපාර සඳහා විවෘත බව ට්‍රම්ප් කියයි

ඇමරිකා එක්සත් ජනපදය සහ වෙනිසියුලාව අතර සබඳතා වර්ධනය වෙමින් පවතින බැවින්, වෙනිසියුලාවට එල්ල කිරීමට සැලසුම් කර තිබූ දෙවැනි ප්‍රහාරය අවලංගු කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඊයේ දිනයේදී ඇමරිකානු තෙල් සමාගම් නියෝජිතයන් හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා අවධාරණය කළේ වෙනිසියුලාව මේ වන විට ව්‍යාපාර කටයුතු සඳහා විවෘතව පවතින බවයි. සිය ‘ටෘෘත් සෝෂල්’ (Truth Social) සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දී ඇත්තේ, සාමය ළඟා කරගැනීමේ පියවරක් ලෙස වෙනිසියුලාව මේ වන විට දේශපාලන සිරකරුවන් විශාල පිරිසක් නිදහස් කරමින් සිටින බවත්, එය ඉතා යහපත් සංඥාවක් බවත්ය.

ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කරන්නේ වෙනිසියුලාවට එරෙහිව තවදුරටත් හමුදාමය ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීමේ යෝජනාවක් ඇමරිකානු සෙනෙට් මණ්ඩලය හමුවේ සම්මත වීමෙන් අනතුරුවය. මහා පරිමාණ ඇමරිකානු තෙල් සමාගම් වෙනිසියුලාව තුළ ඩොලර් බිලියන 100ක පමණ ආයෝජන සිදු කරනු ඇති බවට අනාවැකි පළ කරන ජනාධිපති ට්‍රම්ප්, ඒ වෙනුවෙන් ආරක්ෂාව සැපයීමට ඇමරිකානු නෞකා තවදුරටත් එම කලාපයේ ස්ථානගත කරන බව ද ප්‍රකාශ කළේය. තෙල් සමාගම් ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවේදී, එහි ව්‍යාපාර ආරම්භ කිරීමට පවතින නීතිමය බාධක පිළිබඳව ද අවධානය යොමු වී ඇත.

මෙවන් සුබවාදී වර්ධනයන් මධ්‍යයේ වුවද, වෙනිසියුලානු තෙල් ප්‍රවාහනය කළ ‘ඔලීනා’ නමැති පස්වන නෞකාව ද ඇමරිකානු හමුදා භාරයට ගෙන තිබීම විශේෂත්වයකි. මේ අතර වෙනිසියුලානු රජය සිය පළමු අදියර යටතේ ස්පාඤ්ඤ ජාතිකයන් ද ඇතුළුව දේශපාලන සිරකරුවන් නව දෙනෙකු නිදහස් කර ඇති අතර, ඒ අතර විපක්ෂයේ ප්‍රධාන පෙළේ ක්‍රියාකාරීන් ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පවතින තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් වෙනිසියුලාවේ වත්මන් අන්තර්වාර ජනාධිපතිනී ඩෙල්සි රොද්‍රිගස් මහත්මිය සඳහන් කළේ දෙරටේ තානාපති කාර්යාල යළි විවෘත කිරීමේ හැකියාව පිළිබඳව මේ වන විට ගවේෂණය කරමින් පවතින බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories