2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:37
නවතම පුවත්

ආණ්ඩුව – සුමන්තිරන් ඩීල් එකක ගම්මන්පිල චෝදනා කරයි

මහ මැතිවරණයෙන් පසු මීළඟ ආණ්ඩුවේ විදේශ ඇමැතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පත්කිරීමට ජනාධිපතිවරයා සහ රජය ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟ ‘ඩීල්’එකක් දමා ඇති බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල චෝදනා කරයි.

ඇමැති ධුරයක් දැරීමට සුමන්තිරන්ට ඇති අයිතියට තමන් ගරු කරන අතරම රජය එකඟ වී ඇතැයි වාර්තා වන කොන්දේසි දෙකක් සම්බන්ධයෙන් තමන් කණස්සල්ලට පත්වන බව ගම්මන්පිල සිය නිවේදනයේ සඳහන් කර ඇත.

“පළමු කොන්දේසිය නම්, ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් කරමින් නව ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කිරීමට රජය එකඟ වී තිබීමයි”,යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබේ.

මෙම ප්‍රවේශය රටේ ජනතාව වාර්ගික රේඛා ඔස්සේ බෙදීමේ බෙදුම්වාදී අවශ්‍යතා සමඟ පෙළගැසෙන බව ගම්මන්පිල සඳහන් කරයි.

දෙවැනි කොන්දේසිය යටතේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම 2015 වසරේ ගෙන ආ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව පිළිගෙන ‘රණවිරු දඩයම’ ආරම්භ කිරීමට ජනාධිපතිවරයා එකඟ වී ඇති බව ද ඔහු කියා සිටියි.

ඉතිහාසයේ කිසිම රජයක් තම පළමු මාසය තුළ දේශපාලන හිතවතුන් ආරක්ෂා කිරීමට මේ ආකාරයෙන් ක්‍රියා කර නැති බවත් මේ හැසිරීම ගැන විශේෂයෙන්ම සැළකිලිමත් විය යුත්තේ ජාතික ජන බලවේගයට ඡන්දය දුන් ජනතාව බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන වාර්තාවට සම්බන්ධ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න ඉවත් කරන ලෙස රජයට බලකරමින් මහජන පෙත්සමක් දියත් කිරීමට සැලසුම් කර ඇති බව ද ගම්මන්පිල වැඩිදුරටත් නිවේදනය කරයි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories