2026 ජූලි 26 ඉරිදා, 09:36
නවතම පුවත්

Buddy.net විශය නිර්දේශයට දැමූ ආචාර්යවරයා ගැන ගුරු සංගම්වලින් ප්‍රබල හෙළිදරව්වක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය සඳහා හඳුන්වා දුන් ඉගෙනුම් මොඩියුලයට ගැටලු සහගත වෙබ් අඩවියක් ඇතුළත් කිරීමේ සිද්ධිය මේ වන විට දැඩි දේශපාලන ආන්දෝලනයකට තුඩු දී තිබේ. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ලේකම් අමිල සඳරුවන් මහතා අනාවරණය කළේ, අදාළ මොඩියුලය සැකසීමට සම්බන්ධ වූ ප්‍රධාන ආචාර්යවරයෙකුගේ දියණිය පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය (NPP) යටතේ තරග වැදුණු අපේක්ෂිකාවක බවයි.

ලිංගික අධ්‍යාපනය රටකට අවශ්‍ය වුවද එය නිසි ප්‍රමිතීන්ට අනුව සිදුවිය යුතු බවත්, මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා විශ්වවිද්‍යාලවල අධ්‍යාපන පීඨවල සිටින ප්‍රාමාණික වියතුන් සම්බන්ධ කර නොගැනීම මෙම බිඳ වැටීමට ප්‍රධාන හේතුව බවත් ලේකම්වරයා පෙන්වා දුන්නේය. පාසල් වෙත මෙම මොඩියුලය ලැබෙන තෙක් එහි අන්තර්ගතය පිළිබඳව කිසිදු බාහිර අධීක්ෂණයක් සිදු නොවූ බවත්, මෙහි පවතින්නේ හුදු සමලිංගික වෙබ් අඩවියක් පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොව ඊට වඩා බරපතල තත්ත්වයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම මොඩියුලය සකස් කළ උපදේශක මණ්ඩලයේ සිටින ඇතැම් පුද්ගලයන්ගේ සුදුසුකම් පිළිබඳව ද මෙහිදී ප්‍රශ්න කෙරිණි. ජාතික අධ්‍යාපන ආයතනයේ සේවය කරන අදාළ ආචාර්යවරයාට එරෙහිව මූල්‍ය වංචා සහ අධ්‍යාපන සුදුසුකම් නොමැතිව තනතුරු දැරීම සම්බන්ධයෙන් විගණන වාර්තාවක් පවා පවතින බව සඳහන් කළ සඳරුවන් මහතා, මෙවැනි පුද්ගලයන් මෙම වගකිවයුතු කටයුත්ත සඳහා යොදා නොගන්නා ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට ලිඛිතව දැනුම් දී තිබියදීත් එය නොසලකා හැරීම ගැටලු සහගත බව පවසා සිටියේය.

අධ්‍යාපන අමාත්‍යවරිය සහ ලේකම්වරයා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීම විහිළුවක් බවත්, වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඔවුන් වහාම ඉල්ලා අස්විය යුතු බවත් ගුරු සේවා සංගමය අවධාරණය කරයි. ජාතික ජන බලවේගය සිය දේශපාලන බල ව්‍යාපෘතිය වෙනුවෙන් මෙවැනි පුද්ගලයින් ආරක්ෂා කරමින් සිටින්නේ දැයි ප්‍රශ්න කරන එම සංගමය, රජය මේ පිළිබඳව ජනතාවට පැහැදිලි පිළිතුරක් ලබා දිය යුතු බව ද කියා සිටියේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories