2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 21:50
නවතම පුවත්

ඇ.ඩො.මි. 12.75 ක ආයෝජනයක් අහිමි වෙයි . චීන ආයෝජකයින් අම්බුළුවාව හැර යයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය ලෙස සැලකෙන අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය විසින් අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟ, එම ව්‍යාපෘතියේ ආයෝජක Amber Adventures (Pvt) Ltd සමාගම ශ්‍රී ලංකාවෙන් ඉවත් වීමේ දැඩි තීරණයකට එළඹෙමින් සිටින බව වාර්තා වේ. සමාජ මාධ්‍ය හරහා පැතිර යන අසත්‍ය තොරතුරු සහ පැමිණිලි පදනම් කරගනිමින්, නිසි තාක්ෂණික සොයා බැලීමකින් තොරව මෙම අත්හිටුවීම සිදුකර ඇති බවට චෝදනා කරමින් එම සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත ලිඛිතව සිය විරෝධය පළ කර ඇත.

මෙම ව්‍යාපෘතිය මෙරට දැඩි ආර්ථික අර්බුදයක පැවති 2022 වසරේදී ශ්‍රී ලංකාව, ඇමරිකාව සහ චීනය යන රටවල ආයෝජකයින් එක්ව ආරම්භ කරන ලද්දකි. සමස්ත ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 12.75 ක ආයෝජනයක් සැලසුම් කර ඇති අතර, මේ වන විටත් ඩොලර් මිලියන 3.5 ක් හෙවත් රුපියල් බිලියනයකට අධික මුදලක් ව්‍යාපෘතිය වෙනුවෙන් වියදම් කර අවසන් බව සමාගම පවසයි. වසර 13 ක මෙහෙයුම් කාලයකින් පසු රුපියල් බිලියන 5 කට අධික වටිනාකමකින් යුත් මෙම ව්‍යාපෘතිය රජයට නොමිලේ පැවරීමට නියමිතව තිබියදී, මෙලෙස අඛණ්ඩව බාධා කිරීම් සිදුවීම කණගාටුදායක තත්ත්වයක් බව ඔවුහු පෙන්වා දෙති.

ව්‍යාපෘතියට එරෙහිව එල්ල වන නායයෑම් චෝදනා පදනම් විරහිත බව පවසන ආයෝජකයින්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) මගින් සිදුකළ පරීක්ෂණවලින් අදාළ ස්ථානවල භූමි ස්ථාවරත්වය තහවුරු කර ඇති බව අවධාරණය කරයි. මීට පෙර උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරිය විසින් සිදුකළ අත්තනෝමතික බාධා කිරීම් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ඇයට රුපියල් ලක්ෂයක පුද්ගලික වන්දියක් ගෙවන ලෙස නියෝග කළ බවත්, එම අධිකරණ තීන්දුව මගින් ඇයගේ ක්‍රියාකලාපය ද්වේෂසහගත බව තහවුරු වූ බවත් ආයෝජකයින් මෙහිදී සිහිපත් කර සිටියි.

දේශපාලනික සහ පුද්ගලික හේතු මත රාජ්‍ය ආයතන විසින් සිදුකරන මෙම අඛණ්ඩ බාධා කිරීම් හමුවේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යා නොහැකි මට්ටමකට පත්ව ඇති බව Amber Adventures සමාගම පවසයි. ඒ අනුව, මෙතෙක් සිදුකළ ආයෝජන සහ සිදුවූ පාඩුව වන්දි වශයෙන් අයකර ගැනීමට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, ව්‍යාපෘතිය නතර කර මෙරටින් ඉවත් වීමට තීරණය කර ඇති බවත් එම සමාගම ආයෝජන මණ්ඩලයට වැඩිදුරටත් දන්වා ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories