උත්සව සමය වෙනුවෙන් පොලිසිය විසින් ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වලදී බීමතින් රිය ධාවනය කළ පුද්ගලයන් 251 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පැවසීය.
ඊට අමතරව ගතවූ පැය 24 ට කිසිදු රිය අනතුරක් සිදුව නොතිබූ බවත්, මාර්ග නීති කඩ කිරීම් ඇතුළු අනෙකුත් වැරදි සම්බන්ධයෙන් රියදුරන් 8496 ක් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
උත්සව සමයේ රිය අනතුරු අවම කර ගැනීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් පරිදි දිවයින පුරා විශේෂ රථවාහන මෙහෙයුමක් මෙම මස 23 වැනිදා සිට ආරම්භ කර තිබෙන බව සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ අනුව විශේෂයෙන් බස් රථ හා අනෙකුත් වාහන පරීක්ෂා කිරීම් ද බීමත්ව හා මත්ද්‍රව්‍ය භාවිත කරන රියදුරන් කොටුකර ගැනීමට ද දැඩිව සිදු කරන බවත් පැවැසීය.