2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:08
නවතම පුවත්

නීතිවිරෝධී ලෙස සර්පයන් රැගෙන ආ කතක් කටුනායකදී අත් අඩංගුවට !

නීතිවිරෝධී ලෙස සර්පයන් රැගෙන ආ කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සහ සංස්කෘතික හා ජාතික උරුම ආරක්ෂණ අංශය ලබාගත් තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම අත්අඩංගුව සිදු වී ඇති බව වාර්තා වේ.

ඇය සර්පයන් 06ක් නීතිවිරෝධී ලෙස ගුවන්තොටුපොළ හරිත මාවත ඔස්සේ රටට ඇතුළු කිරීමට උත්සාහ කරන අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සර්පයන් තායිලන්තයේ බැංකොක් නගරයෙන් මිලදී ගෙන ආ ගමන් මලු දෙකක් තුළ සඟවා තිබූ අතර, සැකකාරිය කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් බව විමර්ශනවලින් හෙළිවී ඇත.

ඇය රැගෙන ආ සර්පයන් අතර කහ ඇනකොන්ඩා, බෝල් පයිතන්, ස්පෙකල්ඩ් කින්ග් ස්නේක් සහ හොන්ඩියුරානු කිරි සර්පයන් ඇතුළත්ය.

ගවේශණයෙන් අනාවරණය වූයේ, මෙම සර්පයන් අලෙවි කිරීමේ අරමුණින් රටට ගෙන ආ බවයි. කෙසේ වෙතත්, මෙවැනි සර්පයන් වනාන්තර ප්‍රදේශවලට මුදාහරින්නේ නම් මෙරට පරිසර පද්ධතියට දැඩි හානියක් සිදු විය හැකි බව රේගු නිලධාරීන් අවධාරණය කළහ.

ගුවන් යානයකින් ජීව සතුන් මෙලෙස රැගෙන ඒම නීතිවිරෝධී වුවද, අතිශය අනතුරුදායක ක්‍රියාවක් බවද සඳහන් විය. මේ හේතුවෙන් ඉන්ඩිගෝ ගුවන් සේවයේ නිලධාරීන්ට දැඩි අවවාද කර, රේගු විමර්ශනවලින් පසු සර්පයන් ආපසු රැගෙන යන ලෙස නියෝග කර තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories