2026 ජූලි 25 සෙනසුරාදා, 15:24
නවතම පුවත්

වෙනිසියුලාවට ස්ටාර්ලින්ක් නොමිලේ සේවා සපයයි

ඇමෙරිකානු ප්‍රහාර හමුවේ අර්බුදයට පත්ව ඇති වෙනිසියුලාවට නොමිලේ අන්තර්ජාල සේවාවන් සැපයීමට ඊලෝන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් ආයතනය තීරණය කර තිබේ. ස්ටාර්ලින්ක් ආයතනය සිය එක්ස් ගිණුම හරහා නිවේදනය කර ඇත්තේ වෙනිසියුලානු ජනතාවට සිය සේවාවන් සඳහා කිසිදු ගාස්තුවකින් තොරව ප්‍රවේශ වීමට අවස්ථාව ලබා දෙන බවයි. දීර්ඝ කාලයක සිට රජයේ දැඩි රෙගුලාසි මෙන්ම නිතර නිතර සිදුවන විසන්ධි කිරීම් හේතුවෙන් පීඩා විඳි වෙනිසියුලානු ජනතාවට මෙම පියවර විශාල සහනයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර, වෙනිසියුලාවට එල්ල වූ ප්‍රහාරවලින් පසුව කැරබියන් ගුවන් කලාපය වටා පනවා තිබූ දැඩි ගුවන් සීමාවන් ඉවත් කිරීමට ද අමෙරිකානු බලධාරීන් පියවර ගෙන තිබේ. එක්සත් ජනපද ප්‍රවාහන ලේකම් ෂෝන් ඩෆි සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා සඳහන් කර ඇත්තේ අදාළ ගුවන් සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් ගුවන් සමාගම් දැනුවත් කර ඇති බවයි. ඊයේ දින සිදුකළ ප්‍රහාරවලින් පසු පනවන ලද මෙම ගුවන් සීමා හේතුවෙන් කලාපය හරහා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් රැසක් අවලංගු කිරීමට ද බලධාරීන්ට සිදුව තිබුණි.

යුධමය වාතාවරණය පිළිබඳව පවතින අලුත්ම වාර්තා පෙන්වා දෙන්නේ අමෙරිකානු ප්‍රහාර හමුවේ වෙනිසියුලාවේ පුද්ගලයින් 40 දෙනෙකු පමණ මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මියගිය පිරිස අතර සිවිල් වැසියන් මෙන්ම වෙනිසියුලානු හමුදා සහ ආරක්ෂක සාමාජිකයින් ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට අමතරව තවත් නිලධාරීන් පිරිසක් තුවාල ලබා ඇති අතර, ඔවුන්ගේ නිශ්චිත සංඛ්‍යාව මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories