සෙනසුරු ග්‍රහයගේ වළලු පද්ධතිය අතුරුදහන්

සෙනසුරු ග්‍රහයා වටා පිහිටා ඇති සුවිශේෂී වළලු පද්ධතිය පෘථිවියට නොපෙනී ගොස් ඇති බව In-the-Sky වෙබ් අඩවිය අනාවරණ කර තිබේ. මේ අනුව තවත් මාස 9ක කාලයක් එහි වළලු පෘථිවියට දිස්වන්නේ නැහැ. මෙම සුවිශේෂී සංසිද්ධිය සිදුවන්නේ සෙනසුරු ග්‍රහයා අංශක 26.7ක ඇලවුණු අක්ෂයක් මත භ්‍රමණය වීමත් සමඟ එහි වළලු පෘථිවියට නොපෙනී යාම හේතුවෙනි. සෙනසුරුගේ මේ සුවිශේෂී සංසිද්ධිය පෘථිවි […]
පීනන මීයෙක් අලුතෙන් ලෝකෙට සොයාගනියි

පේරු හි විද්‍යාඥයන් විසින් නව සත්ව විශේෂ 27ක් සොයා ගෙන තිබේ. ඒ අතරින් දැල් සහිත පාද ඇති උභයජීවී මීයෙක් සහ බෝල හිසක් ඇති මත්ස්‍යයකු ද වේ. ලාභ නොලබන සංවිධානයක් වන Conservation International හි විද්‍යාඥයන් සහ පේරු හි ආදිවාසී කණ්ඩායම්වල සාමාජිකයන් විසින් ඇමසන් වැසි වනාන්තරය ඇතුළත් Alto Mayo හි කරන ලද ගවේෂණයකදී මෙම සත්ව විශේෂ සොයා […]
ශ්‍රී ලංකාවෙන් ලෝකෙට අලුත් ශාකයක්

ශ්‍රී ලංකාවෙන් නව ශාක විශේෂයක් සොයාගැනීමට උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ජාතික ශාකාගාරයේ පර්යේෂණ කණ්ඩායමකට හැකියාව ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ නුවරඑළිය, හක්ගල දැඩි ස්වාභාවික රක්ෂිත භූමියෙන් මෙම නව ශාක විශේෂය හඳුනාගැනීමට එම පර්යේෂණ කණ්ඩායමට හැකියාව ලැබී ඇති අතර, උද්භිද විද්‍යාත්මකව එම ශාකය කෝලියාස් හක්ගලෙන්සිස් අබේසේකර, කසුනිකා, හලුවන සහ නිලන්ක (Coleus Hakgalensis Abeysekara, Kasunika, Haluwana & […]