2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 09:25
නවතම පුවත්

මුදල් ගෙන්වා ගන්න දියණියට පහර දී වීඩියෝ කර බිරියට පෙන් වූ සැමියා

පවුලේ ආර්ථික වියදම දිනෙන් දින වැඩිවද්දී එය පාලනය කර ගැනීම සඳහා බොහෝ කාන්තාවන් සිදු කරන්නේ විදේශ රැකියාවකට යාමය. කෙතරම් දුක් ගැහැට විඳින්නට සිදු වුව ද තම දරුවන්ගේ, තම පවුලේත් අනාගත අභිවෘද්ධිය පිණිස එම කාන්තාවන් දුක්ගැහැට විඳ දරාගන්නේ කෙලෙස හෝ තම අරමුණ කරා ළඟා වීමේ අරමුණින් යුතුවය.

එහෙත්, කුඩා දරුවන් නිවසේ තනිකර දමා කඳුළු කඩා හැලෙන දෙනෙතත්, වාවනු බැරි සිතත් එකලස් කර ගනිමින් බිරින්දෑවරු එලෙස අසීමිත කැපකිරීමක් කළද ඇතැම් නොහික්මුණු සහ ආත්මාර්ථකාමී ස්වාමිපුරුෂයන් හේතුවෙන් අසරණ දරු පැටවුන් මෙන්ම විදේශගතව දුක් විඳින කාන්තාවන්ද මේ වන විට අසරණ තත්ත්වයට පත්වෙමින් සිටින බව මාධ්‍ය වාර්තා ඔස්සේ දක්නට ඇත්තේ නෙතඟට කඳුළක් එක් කරමිනි.

එවැනි නවතම සිදුවීමක් වාර්තා වූයේ මාතර පොලිස් කොට්ඨාසයට අයත් දෙණියාය පොලිස් වසමෙනි. ඒ සිද්ධිය පොලිස් පොතේ සටහන් වන්නේ මෙසේය.

දෙණියාය පොලිස් බලප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විදේශගතව සිටින තම බිරිය එහි සිට එවන මුදල් මදි බව පවසමින් සහ බිරිය විසින් ඇගේ මවුපියන්ට ලබාදෙන මුදල් ද තම ගිණුමට බැර කරන ලෙස ඉල්ලමින් තම වයස අවුරුදු 05ක දියණියට පහර දෙමින් කෲරත්වයට පත්කරන්නට පටන් ගත්තේ මේ පිළිබඳ දැනගත් පසුව බිරිය වැඩිපුර මුදල් තමා වෙත එවාවි යැයි යන සිතුවිල්ල සිතේ තබාගෙනය.

දරුවා එලෙස කෲරත්වයට පත් කරන ආකාරය ඡායාරූප සහ වීඩියෝගත කර බිරියට යවා ඇය බිය කර මුදල් ලබාගැනීම එම පුද්ගලයාගේ උත්සාහය වී ඇත. ඔහුට එම ක්‍රියාව සිදු කරගෙන යන්නට හැකි වූයේ ඉතාම කෙටි කාලයක් පමණි. ඔහුගේ මෙම ක්‍රියා කලාපය පිළිබඳව පොලිසියට තොරතුරු වාර්තා වන්නට වැඩි කාලයක් ගත වූයේ නැත.

දෙණියාය පොලිස් ස්ථානාධිපති චන්දන අමරරත්නට අදාළ කාන්තාවගේ මව විසින් කරන ලද පැමිණිල්ලට අනුව ලද තොරතුරුවලින් අදාළ පුද්ගලයා දරුවාට පහර දෙමින්, කෲරත්වයට පත් කිරීම පිළිබඳව සම්පූර්ණ තොරතුරු වාර්තා වූ අතර, චන්දන අමරරත්න තම පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කරුණාරත්න, ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී උප පොලිස් පරීක්ෂක සුලෝචනා යන නිලධාරින් කැඳවා මේ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් අදාළ තොරතුරු සත්‍ය නම් වහා එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන විශේෂ විමර්ශනයක් කරන ලෙසත් පවසන ලදි. ඒ අනුව කඩිනමින් පරීක්ෂණ ආරම්භ කෙරිණි.

තම ප්‍රධානියාගේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායමක් සූදානම් කරගත් උප පොලිස් පරීක්ෂක කරුණාරත්න සහ උප පොලිස් පරීක්ෂක සුලෝචනා ජීප් රථය වෙත ගමන් කරමින් සිටියදී ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන අමරරත්න ද එහි පැමිණ ගමනට එක් වූයේ දරුවන් ඇති පියෙකු ලෙස මේ ගැන ඇති වූ දැඩි චිත්ත පීඩාව නිසාය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories