2026 ජූලි 29 බදාදා, 06:14
නවතම පුවත්

පාතාල වෙඩික්කරු වැලිගම සහන් කටුනායකදී අල්ලයි!

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන, ‘හික්කඩුව ලියනගේ සහන් සිසිකැලුම්’ හෙවත් ‘වැලිගම සහන්’, ඊයේ (ජූලි 28) රාත්‍රියේ ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අවුරුදු 31 ක් වන මෙම සැකකරු, වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුට එරෙහිව මාතර සහ පානදුර යන ප්‍රදේශවල සිදු කළ ඝාතන, මංකොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව පොලීසිය පවසයි.

විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ ‘වැලිගම සහන්’ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘හරක්කටා’ගේ ගෝලයෙකු මෙන්ම ‘මිදිගම චූටි’ සහ ‘කුඩු සලිඳු’ යන අයගේද ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කර ඇති බවයි. CID නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කළුතර අපරාධ කොට්ඨාශය වෙත භාර දී ඇත.

“වැලිගම සහන්” විසින් සිදු කර ඇති බවට පොලීසිය විසින් නිකුත් කරන ලද අපරාධ ලැයිස්තුව:
2025 අප්‍රේල් 29: හිරණ පොලිස් වසමේදී යතුරුපැදියකින් පැමිණ T-56 ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු.

2025 ජූනි 05: මට්ටක්කුලිය පොලිස් වසමේදී T-56 සහ 9mm වර්ගයේ ගිනි අවිවලින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේදී T-56 ගිනි අවිය භාවිතා කළ වෙඩික්කරු.

2025 ජූනි 29: පානදුර දකුණ පොලිස් වසමේදී යතුරුපැදි කොටස් අලෙවිසැලකට යතුරුපැදියකින් පැමිණ T-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු.

2024 අප්‍රේල් 15: කොටවිල පොලිස් වසමේදී යතුරුපැදියක් සොරකම් කිරීම.

2024 අප්‍රේල් 22: මාලිම්බඩ පොලිස් වසමේදී භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් වෙළෙඳසැලකට පැමිණ රුපියල් 80,000ක් වටිනා රන් මාලයක් කොල්ලකෑම.

2024 ජූලි 23: වැලිගම පොලිස් වසමේදී මාර්ගයේ ගමන් ගත් කාන්තාවකගේ රුපියල් 52,000ක් වටිනා ගෙල බැඳි රන් මාලයක් කොල්ලකෑම.

2024 ජූලි 24: මාලිම්බඩ පොලිස් වසමේදී යතුරුපැදියකින් පැමිණි කාන්තාවකගේ ගෙල බැඳි රුපියල් 150,000ක් වටිනා රන් මාලයක් කොල්ලකෑම.

2024 අගෝස්තු 24: තිහගොඩ පොලිස් වසමේදී මාර්ගයේ යමින් සිටි කාන්තාවකට අවි පෙන්වා බිය ගන්වා රුපියල් 450,000ක් වටිනා රන් මාලයක්, රුපියල් 35,000ක් වටිනා පෙන්ඩනයක් සහ රුපියල් 450,000ක් වටිනා අත් පළඳනාවක් කොල්ලකෑම.

2024 අගෝස්තු 05: කොටවිල පොලිස් වසමේදී කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ලකෑම.

2024 අගෝස්තු 08: වැලිගම පොලිස් වසමේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකිරීම.

2024 අගෝස්තු 11: මාලිම්බඩ පොලිස් වසමේදී යතුරුපැදියකින් පැමිණ රුපියල් 95,000ක් වටිනා රන් මාලයක් සහ රන් පෙන්ඩනයක් කොල්ලකෑම.

2024 අගෝස්තු 12: වැලිගම පොලිස් වසමේදී මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳි රුපියල් 90,000ක් වටිනා රන් මාලයක් යතුරුපැදියකින් පැමිණ කොල්ලකෑම.

2024 අගෝස්තු 12: කොටවිල පොලිස් වසමේදී යතුරුපැදියකින් පැමිණ මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ලකෑම.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories