මෙරට පවුල් ඒකක ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් තවමත් ආලෝකය සපයා ගන්නේ භූමිතෙල් ලාම්පුවලින් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වසරේ (2024) කරන ලද ජන හා නිවාස සංගණනයේදී අනාවරණය වී තිබේ.
ඒ අනුව, දිවයිනේ සමස්ත ගෘහ කාණ්ඩ 6,111,315ක් අතුරින් 95,150ක තවමත් ආලෝකය සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගනු ලබන්නේ භූමිතෙල් ලාම්පුවලිනි.
ආලෝකය ලබාගැනීම සඳහා භූමිතෙල් වැඩි වශයෙන් යොදාගන්නා දිස්ත්‍රික්කය වන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයයි.
භූමිතෙල් ලාම්පු භාවිත කරන ගෘහ කාණ්ඩ වැඩිපුර වාර්තා වන දිස්ත්‍රික්ක කිහිපයක් මෙසේය:
- කුරුණෑගල: ගෘහ කාණ්ඩ 8,332
- රත්නපුර: ගෘහ කාණ්ඩ 6,656
- අනුරාධපුර: ගෘහ කාණ්ඩ 5,908
- ගම්පහ: ගෘහ කාණ්ඩ 4,340
- මහනුවර: ගෘහ කාණ්ඩ 4,108
- යාපනය: ගෘහ කාණ්ඩ 3,466
- කොළඹ: ගෘහ කාණ්ඩ 3,366
එසේම, අනුරාධපුර, තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගෘහ කාණ්ඩ 207ක ද තවමත් ආලෝකය සපයා ගනු ලබන්නේ භූමිතෙල් ලාම්පුවලිනි.