2026 ජූලි 29 බදාදා, 03:34
නවතම පුවත්

ගොවීන් විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කරයි

දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ ගොවි සහ ධීවර ජනතාවට සහන සැලසීමක් ලෙස ඔවුන්ගේ මාසික විශ්‍රාම වැටුප් ලබාගැනීමේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ 2025 දෙසැම්බර් මාසයට අදාළ විශ්‍රාම වැටුප් ලබාගැනීමේ අවසාන දිනය 2026 වසරේ ජනවාරි මස 31 වැනිදා දක්වා දීර්ඝ කළ බවයි.

පසුගියදා ඇති වූ ආපදා තත්ත්වය මත ගමනාගමන බාධා හා අනෙකුත් දුෂ්කරතා හේතුවෙන් බොහෝ පිරිසකට නියමිත දිනට තැපැල් කාර්යාල වෙත ළඟා වීමට නොහැකි වී තිබුණි. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මීට පෙර එම කාලය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර තිබූ අතර, පවතින ප්‍රායෝගික අපහසුතා මත එය තවත් මසකින් දීර්ඝ කිරීමට දැන් තීරණය කර ඇත. ඒ අනුව ප්‍රතිලාභීන්ට වැඩ කරන දිනයන්හිදී තමන්ට ආසන්න තැපැල් හෝ උප තැපැල් කාර්යාල මඟින් සිය දීමනා ලබාගත හැකිය.

දත්ත වාර්තාවලට අනුව මේ වන විට ගොවි විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබන සංඛ්‍යාව 178,753ක් වන අතර ධීවර විශ්‍රාම වැටුප් ලාභීන් 6,312ක් මෙරට සිටිති. මෙම සමස්ත ප්‍රතිලාභීන් පිරිස වෙනුවෙන් රජය මාසිකව වැය කරන මුදල රුපියල් මිලියන 413කි. ආපදා තත්ත්වයන් හමුවේ වුවද මෙම ගෙවීම් බාධාවකින් තොරව ජනතාව අතට පත් කිරීම රජයේ අරමුණ වී තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories