ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිය භාරයට ගනු ලැබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 350කට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 5කට (කෝටි 500කට) ආසන්න වන බවය.
නාවික හමුදාව විසින් බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී මෙම යාත්‍රාව සිය භාරයට ගෙන තිබූ අතර, එහි සිටි සැකකරුවන් 6 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.