2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 18:14
නවතම පුවත්

බදුල්ල බස් අනතුරින් තුවාල ලැබූවන් බැහැදැකීමට නියෝජ්‍ය අමාත්‍යවරයා රෝහලට

බදුල්ල-මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ 4 කණුව ප්‍රදේශයේදී ඊයේ (ජූනි 21) සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 31 දෙනෙකු තවදුරටත් බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. මෙම අනතුරින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්විය. මියගොස් ඇත්තේ අනුරාධපුර, තඹුත්තේගම පහළගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි. මොවුන් බදුල්ල මුතියංගන වෙහෙර වන්දනා කර නැවත නිවස බලා යමින් සිටියදී අනතුරට ලක්ව තිබේ.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා, අනතුරින් තුවාල ලැබූවන්ගේ සුවදුක් බැලීම සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට පැමිණියේය. එහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, තුවාල ලැබූවන් වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම සිදු කිරීමට රජය කටයුතු කරන බවයි.

පොලීසිය විසින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය ධාවනය කර ඇත්තේ රිය සහායකවරයෙකු විසින් බවයි. බස් රථයේ රියැදුරු සහ රිය සහායක බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයේදී මෙම තොරතුරු අනාවරණය විය. අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවද පොලිසිය පවසයි.
මේ අතර, ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ මෙම ස්ථානයේ සිදුවන අනතුරු ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි. මීට පෙරද ආරක්ෂක විද්‍යා පීඨ සිසුන් හා උපදේශකයින් ගමන් ගත් බස් රථයක්ද තිරිංග නොමැතිව ගොස් අනතුරට පත්ව ඇත්තේ මෙම ස්ථානය ආසන්නයේදීය. එම අනතුරින් ආරක්ෂක විද්‍යාපීඨ ශිෂ්‍යාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර 40 දෙනෙකු තුවාල ලැබූහ.

එමෙන්ම, මෙම ස්ථානයට ආසන්නයේදී හමුදාවට අයත් ස්කැමල් යන්ත්‍රයක් තිරිංග දෝෂයක් හේතුවෙන් අනතුරට පත් වූ අතර, ත්‍රීරෝද රථ රියැදුරෙකු ජීවිතක්ෂයට පත් වූ අතර යතුරුපැදිකරුවෙකු බරපතළ තුවාල ලැබීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories