2026 ජූලි 29 බදාදා, 08:41
නවතම පුවත්

ජනපති, අගමැති, ඇමැති මණ්ඩලය ඇතුළු 31 කට නොතීසි

ශ්‍රී ලංකා පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අහෝසි කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ශව ඉදිරිපත් කළ පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට නියම කරන ලදී.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා, කුමුදුනී වික්‍රමසිංහ සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවා තිබූ මෙම නඩුවේදී, නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්ට මෙතෙක් නොතීසි නොලැබී ඇති බවයි.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් විසින් ඉල්ලා සිටියේ, මෙම නඩුව ඉක්මනින් සලකා බැලීමට දිනයක් ලබා දෙන ලෙසයි. ඒ අනුව, අගමැති හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් සහ ජනාධිපතිවරයා ඇතුළු 31 දෙනෙකුට නැවත නොතීසි නිකුත් කරන ලෙස නියෝග කරන ලදි.

පෙත්සම්කරුවන්ගේ අදහස් අනුව, ඉන්දියාව සමග ඇති ඩිජිටල් හැඳුනුම්පත් ගිවිසුමෙන් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ ජීව දත්ත ඉන්දියාවට බාර දෙනු ලබන අතර, එය ජාතික ආරක්ෂාව, ආර්ථිකය හා ස්වෛරීභාවයට බරපතළ බලපෑම් කළ හැකි ය. එවැනි කටයුතුවලට අදාළ කැබිනට් තීන්දුවලට මහජනතාව හෝ පාර්ලිමේන්තුව දැනුවත් කර නොතිබුණ බවද ඔවුන් පෙන්වා දී තිබුණි.

ඉහත කරුණු පදනම් කරගෙන, ඉන්දියාව සමග ඇති කරගත් ගිවිසුම සහ එයට අදාළ කැබිනට් තීන්දු අහෝසි කිරීමට සහ ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම වැළැක්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලීම් කර තිබෙයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories