පාසල් පවත්වන කාල සීමාව පස්වරු 2.00 දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය වෙනස් කිරීම සඳහා ලබන නොවැම්බර් 07 වැනිදා දක්වා රජයට කල් ලබාදෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි.
එම තීරණය වෙනස් නොකළහොත්, දෙසැම්බර් පළමු සතිය තුළ දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වැඩිදුරටත් සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එළැඹෙන වසරේ සිට පාසල් පස්වරු 2.00 දක්වා පැවැත්වීමට තීරණය කර තිබුණි.