අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ පළමු සහ දෙවන අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා වන ජනවාරි මස දීමනාව මෙන්ම අදාළ වැඩිහිටි දීමනා ද හෙට (28) දින බැංකු ගිණුම් වෙත බැර කරන බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව පළමු අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 1,415,584ක් සඳහා රුපියල් බිලියන 11.2කට අධික මුදලක් ද, එම අදියරේම වැඩිහිටි ප්‍රතිලාභීන් 618,440ක් සඳහා රුපියල් බිලියන 3.09ක මුදලක් ද වෙන් කර තිබේ. දෙවන අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 248,454ක් සඳහා රුපියල් බිලියන 2.2කට අධික මුදලක් සහ වැඩිහිටි ප්‍රතිලාභීන් 68,183ක් වෙනුවෙන් රුපියල් මිලියන 340කට අධික මුදලක් ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත මුදාහැරීමට නියමිතය. රජය විසින් මෙම ගෙවීම් කටයුතු සෘජුවම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කරන බැවින් හෙට දින සිට එම මුදල් ලබාගත හැකි වනු ඇත.