2026 ජූලි 29 බදාදා, 17:51
නවතම පුවත්

ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් – බන්ධනාගාර කොමසාරිස්

අලුත් කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී වෙඩි තැබිමකිගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් න් ජීතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්න නැමති සැකකරු අද අලුත් කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 09 වෙත භෞතික ඉදිරිපත් කිරීමක් සඳහා ගෙන ආවේ අධිකරණය විසින් සිදුකර තිබූ නියෝගයකට අනුව බවය.

ඊට අමතරව අලුත් කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 05 වෙත නඩු දෙකක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව එම නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව, මොහු විශේෂ ගණයේ සැකකරුවකු වන බැවින් ප්‍රමාණාවත් ආරක්ෂාවක් යටතේ බන්ධනාගාර නිළධාරීන් භාරයේ, බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකා නිළධාරීන් හා පොළිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ බූස්ස බන්ධනාගාරයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ අද කොළඹ අලුත් කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බව එම නිවේදනයේ දැක්වේ.

එහිදී, පෙරවරු 09.45 ට පමණ මහෙස්ත්‍රාත් අධිකරණ ශාලාවේ විත්ති කූඩුව තුළදී නාදුනන පුද්ගලයකු විසින් සැකකරුහට මෙලෙස වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව ඒ මහතා සඳහන් කර තිබේ.

අනතුරින් බරපතළ තත්ත්වයේ පසු වූ සැකකරු කඩිනමින් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර, රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු ජීවිතක්ෂයට පත්ව ඇත.

සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකු යොදවා විමර්ශන කටයුතු සිදුකරමින් පවතින අතර, ඊට අමතරව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය මගින් මූලික විමර්ෂණයක්ද මේවන විට ආරම්භ කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories