2026 ජූලි 29 බදාදා, 06:41
නවතම පුවත්

අයි.පී.එල් උණුසුම හෙට සිට

ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 18වැනි අදියර හෙට (22 වැනිදා) ඊඩ්න් ගාඩ්න්ස් පිටියේදී ඇරැඹීමට නියමිතය. තරගාවලියේ පළමු තරගය පසුගිය වසර ශූර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රෝයල් චැලේන්ජර්ස් බෙන්ගලුරු කණ්ඩායම අතර රාත්‍රී 7.30ට ඇරැඹෙන අතර තරගාවලියේ සමාරම්භක උත්සවය ඉන්දීය ගායන සහ නර්තන තරු සමගින් පස්වරු 6ට ඇරැඹෙනු ඇත. මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගණන 8කි.

වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමටත්, කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමටත්, දසුන් ශානක සහ දුෂ්මන්ත චමීර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමටත් ක්‍රීඩා කරන අතරවාරයේ මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට සහ නුවන් තුෂාර රෝයල් චැලේන්ජර්ස් බෙන්ගලුරු කණ්ඩායමට ක්‍රීඩා කරනු ලැබේ. දසුන් හැරුණුකොට ඉතිරි ක්‍රීඩකයින් පසුගිය වසරේ පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී මිලදී ගැනුණු අතර දසුන් ශානකව පසුගියදා ක්‍රීඩක ආදේශකයක් ලෙසින් කණ්ඩායමට සම්බන්ධ කර ගැනුණි.

මේ අතර ලසිත් මාලිංගට සමාන ඉරියව්වකින් වමතින් පන්දු යවන ශ්‍රී ලංකා ක්‍රීඩක නවිඳු ප්‍රභාෂ් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමගින් දැල් පන්දු යවන්නකු ලෙස සම්බන්ධව සිටින අතර ඔහු පසුගියදා පුහුණු තරගයක් සඳහා ද සහභාගී විය.

කණ්ඩායම් 10ක් තරග වදින මෙවර තරගාවලිය මාස 2කට නොඅඩු කාලයක් පුරා පැවැත්වීම විශේෂත්වයකි. තරග 70ක් ඇතුළත් වන මූලික වටය මැයි මස 18 වැනිදා දක්වා පැවැත්වීමෙන් අනතුරුව ප්‍රසාද ලකුණු සටහනෙහි පළමු ස්ථාන 4 දිනා ගන්නා කණ්ඩායම් 4 ඉදිරි වටය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත. මැයි 20, 21 සහ 23 යන දිනවල පැවැත්වෙන එම තරග වලින් අනතුරුව අවසන් මහා තරගය ඊඩ්න් ගාඩ්න්ස් පිටියේදී මැයි 25 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories