2026 ජූලි 28 අඟහරුවාදා, 10:17
නවතම පුවත්

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට බෝම්බ තර්ජනයක්

විශේෂ මෙහෙයුමක් හේතුවෙන් සේවාවන් අඩාල වෙයි

වාහනයක බෝම්බයක් ඇති බවට ලැබුණු ඊමේල් පණිවිඩයක් නිසා ප්‍රධාන දොරටු වසා දැමේ

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ නවතා ඇති වාහනයකට බෝම්බයක් සවිකර ඇති බවට එල්ල වූ තර්ජනයක් හේතුවෙන්, අද (26) පෙරවරුවේ බෝම්බ නිශ්ක්‍රීය අංශය ඇතුළු ආරක්ෂක අංශ විසින් එම පරිශ්‍රය දැඩි සෝදිසි කිරීමකට ලක් කරන ලදී.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල විද්‍යුත් තැපැල් ලිපිනය (Email) වෙත ලැබුණු පණිවිඩයකින් කියැවුණේ, කාර්යාල පරිශ්‍රය තුළ නවතා ඇති වාහනයක බෝම්බයක් අටවා ඇති බවත් එය පුපුරුවා හරින බවත්ය. දිස්ත්‍රික් ලේකම්වරයා විසින් වහාම මේ පිළිබඳව පොලීසිය දැනුවත් කිරීමෙන් පසු ආරක්ෂක මෙහෙයුම් ආරම්භ විය.

අද පෙරවරු 10.00 ට පමණ පොලිස් නිල සුනඛයන් ද යොදා ගනිමින් සෝදිසි කිරීම් ආරම්භ විය.

බෝම්බ නිශ්ක්‍රීය අංශය පැමිණීමත් සමඟ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන දොරටුව වසා දැමුණු අතර, කිසිදු අයෙකුට ඇතුළුවීමට හෝ පිටවීමට අවසර ලබා නොදීමට පියවර ගැනුණි.

වාහනවලින් පැමිණි නිලධාරීන්ට සහ කාර්ය මණ්ඩලයට සිය රාජකාරි අතරමග නතර කර තම වාහන අසලම රැඳී සිටින ලෙස උපදෙස් දෙන ලදී. ඉන් අනතුරුව සෑම වාහනයක්ම දැඩි පරීක්ෂාවට ලක් කෙරිණි.

මෙම හදිසි ආරක්ෂක පියවර හේතුවෙන් විවිධ සේවාවන් ලබා ගැනීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටි විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත් වූහ. පැය කිහිපයක් යනතුරු ඔවුන්ට එම පරිශ්‍රයෙන් පිටවීමට පවා අවසර නොලැබුණු බැවින් කාර්යාලීය කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී තිබිණි.

පොලීසිය සඳහන් කළේ අදාළ ඊමේල් පණිවිඩය එවූ පාර්ශවය පිළිබඳව තාක්ෂණික විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories