2026 ජූලි 31 සිකුරාදා, 05:04
නවතම පුවත්

‘ආමි උපුල්’ ඝාතනයට ආධාර දුන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ‘ආමි උපුල්’ නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් තවත් පුද්ගලයෙකු කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ජූලි 03 වැනිදා සිදුවූ මෙම ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී, හෙරොයින් ග්‍රෑම් 50ක් සහ මිලිග්‍රෑම් 600ක් සමඟ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරු 30 හැවිරිදි වියේ පසුවන රාගම, බටුවත්ත ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

ජූලි 03 වැනිදා, ත්‍රිරෝද රථයකින් පැමිණි අයෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් ‘ආමි උපුල්’ නැමැත්තාට වෙඩි තබා ඝාතනය කර පළාගොස් තිබුණි.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු හෙරොයින් කිලෝග්‍රෑම් 9ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 67ක් මෙන්ම ගිනිඅවි දෙකක් හා උණ්ඩ සමඟ පසුගිය ජූලි 08 වනදා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම නවතම අත්අඩංගුවත් සමඟ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් තවදුරටත් පුළුල් වී ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories