2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 04:02
නවතම පුවත්

බදුල්ල – අඹේවෙල දුම්රිය සේවය හෙට සිට යළි ඇරඹේ

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ අඩාල වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමේ පියවරක් ලෙස, හෙට (20) සිට බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ධාවනය ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව බදුල්ල සහ අඹේවෙල යන දුම්රිය ස්ථාන දෙක අතර දිනපතා දුම්රිය වාර කිහිපයක් ක්‍රියාත්මක වනු ඇත.

නව ධාවන සැලසුමට අනුව බදුල්ල දුම්රිය ස්ථානයෙන් සෑම දිනකම පෙරවරු 9.00 ට සහ පස්වරු 3.00 ට දුම්රියන් දෙකක් අඹේවෙල දක්වා ගමන් කිරීමට නියමිතය. එමෙන්ම අඹේවෙල දුම්රිය ස්ථානයෙන් ද පෙරවරු 9.30 ට සහ පස්වරු 3.00 ට බදුල්ල බලා දුම්රියන් දෙකක් ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මගී පහසුව සඳහා මෙම දුම්රියන් සඳහා වායු සමනය කළ පළමු පන්තියේ වෙන් කළ ආසන මැදිරි දෙකක් එක් කර තිබීමයි. මීට අමතරව දෙවන පන්තියේ සහ තෙවන පන්තියේ වෙන් කළ ආසන මැදිරි ද සහිතව මෙම දුම්රියන් ධාවනය කිරීමට කටයුතු යොදා ඇත.

නායයෑම් සහ පස් කඩා වැටීම් හේතුවෙන් අවහිර වී ඇති උඩරට දුම්රිය මාර්ගයේ සෙසු කොටස් පිළිසකර කිරීමේ කටයුතු ද මේ වන විට කඩිනමින් සිදු කෙරෙමින් පවතින බව වාර්තා වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories