ආපදාවට පත්ව සිටින ජනතාවට ආධාර බෙදා දීමට යන පරිත්‍යාගශීලීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කර ඒ හරහා පරිත්‍යාග බෙදාහැරීමට කටයුතු කරන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ ඉල්ලා සිටී.
පරිත්‍යාගශීලීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම සහ ඍජුව ආධාර බෙදා හැරීමට යෑමේදී අනතුරුවලට ලක්වීමේ අවදානම හේතුවෙන් මෙම දැනුම් දීම සිදු කරන බව ඔහු පැවසීය.