2026 ජූලි 29 බදාදා, 03:52
නවතම පුවත්

ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම

එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි මන්නාරම ප්‍රදේශයේ අද (17) පැවති මහජන රැළිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මන්නාරම ප්‍රදේශයේ අද (17) පැවති මහජන රැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

“අවුරුදු 5, 6කට පස්සේ ලොකුම ඩොලර් සංචිතය අපිට තියෙනවා. මාස 6ක් තිස්සේ රුපියල හෙල්ලෙන්නේ නෑ. අපි තෙල් මිල අඩු කළා. විදුලිබිල අඩු කරා. අපි ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කටයුතු කරනවා. රාජ්‍ය සේවක පඩි වැඩි කරා. අස්වැසුම දීමනාව වැඩි කරා. ඒ විතරක් නෙමෙයි අලුතින් අස්වැසුමට ජූනි මාසයට අලුත් පවුල් ලක්ෂ 4කට ලබාදෙන්න කටයුතු කරනවා. පාසල් දරුවන්ට සියලු නිල ඇඳුම් දෙනවා. ළමයි 300ට වඩා අඩු පාසල්වලට සපත්තු ගන්න මුදල් දෙනවා. ළමුන් ලක්ෂ 16කට පාසල් පොත් ගන්න රු 6,000 බැගින් දුන්නා. ජනතාව බලාගන්න ආණ්ඩුවක්. ඒ විතරක් නෙමෙයි අපි අලුතින් අවුරුදු 5 – 6කට පස්සේ 30,000ක් රාජ්‍ය සේවයට බඳවා ගන්නවා. මන්ත්‍රීවරු, ඇමතිවරු පස්සේ යන්න ඕන නෑ. පත්තරේ දානවා, විභාගයට වාඩි වෙන්න, වැඩිම ලකුණු ගන්න රස්සාව ලැබෙනවා. රාජ්‍ය සේවයේ දෙමළ භාෂාවෙන් කතා කරන අයගේ හිඟයක් තියෙනවා. පොලීසියෙත් එහෙමයි. ඒ නිසා අලුතින් පොලීසියට 2,000ක් බඳවා ගන්නවා. දෙමළ භාෂාව දන්න ඔබේ දරුවන්ව පොලිස් සේවයට බඳවන්න. ඒක ගෞරවාන්විත රස්සාවක්. අපේ රටේ නීතිය සාමය රකින්න තියෙන රස්සාව. තව පහසුකම් දෙනවා. රාජ්‍ය සේවයට දෙමළ භාෂාව පුළුවන් අය බැඳෙන්න. මේ රට අපි එකතු වෙලා හදමු.”

උතුරේ යුද්ධය හේතුවෙන් ජනතාවගේ ඉඩම් ආණ්ඩුවට පවරා ගැනීමට සිදුවූ බවත්, ඇතැම් පාරවල් වසා දැමීමට සිදුව ඇති බවත් පැවසු ජනාධිපතිවරයා ඒ සියල්ල විසඳා ජනතාවට නිදහසේ තමන්ගේ වැඩකටයුතු කළ හැකි රටක් ජාතික ජන බලවේගය විසින් සකස් කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

මේ අතර, උතුරු පළාතේ මාර්ග ඉදිකිරීම සඳහා රුපියල් දස ලක්ෂ පන්දාහක් වෙන් කර ඇතැයි ද පැවසු ජනාධිපතිවරයා, උතුරු පොල් වගාවට ද විශාල මුදලක් වෙන්කර ඇතැයි ද කියා සිටියේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories