2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 14:45
නවතම පුවත්

මන්දකට හසුවී කඳුකර කොටියා මියයයි

මස්කෙළිය පොලිස් වසමට අයත් මස්කෙළිය ලකම් වතුයායේ වතු නිවාස පේලියකට ආසන්නයේ කොටියෙකු මන්දක් සමග අලිගැටපේර ගසක පාමුල සිර වි සිටින බව එම වතුයායේ කම්කරුවන් ඊයේ දින පෙරවරු 06 ට පමණ නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් වෙත දැනුම් දී ඇත. මෙම මන්දට හසුවූ කඳුකර කොටියා නිර්වින්දනය කර මුදා ගැනීමට අවශ්‍ය නිසා නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් ඒ පිළිබඳ රන්දෙණිගල වනජීවී පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍යවරයා වෙත දැනුම් දී ඇත. පශු වෛද්‍යවරයා අනුරාධපුර ප්‍රදේශයේ සේවා කටයුත්තක් සඳහා ගොස් ආපසු පැමිණෙමින් සිටියදී කඳුකර කොටියා මියගොස් ඇත. වනජීවි නිලාධාරින් සැක කරන්නේ මෙම තේ වතුවල සේවය කරන කම්කරුවන් විසින් නිවාසවල සුරතලේට ඇති කරන සුනඛයින් දඩයම් කිරීම සඳහා රාත්‍රී කාලයේ පැමිණි කඳුකර කොටියා මෙම මන්දට හසුවී එම මන්ද කඩාගෙනවිත් අලිගැටපේර ගසෙහි පාමුල සිරවෙන්නට ඇති බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories