2026 ජූලි 31 සිකුරාදා, 03:39
නවතම පුවත්

පාතාලයට ආයුධ දුන්න යුද හමුදා ලුතිනන් කර්නල් අත්අඩංගුවට !

පාතාල නායක “කෙහෙල්බද්දර පද්මෙ”ගේ කල්ලියේ න්‍යායාචාර්ය ලෙස කටයුතු කරන කමාන්ඩෝ සලින්තට අවි ආයුධ සහ ජීව උණ්ඩ ලබා දුන්නා යන්නට සැක කෙරෙන යුද හමුදා ලුතිනන් කර්නල්වරයකු පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (11) අත්අඩංගුවට ගෙන ඇත.

යාපනය මල්ලාවි කඳවුරේ සේවය කළ මෙම නිලධාරියා, පෙර කාලයක් තුළ කමාන්ඩෝ බළකායේ සේවය කළ අතර එවකට කමාන්ඩෝ සලින්තට ආරක්ෂකයා ලෙසද කටයුතු කළ බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

ඉන් ඉදිරියටද සලින්ත සමඟ සමීප සම්බන්ධතා තබා ගෙන සිටි බවත්, ඔහුගේ බැංකු ගිණුමට සලින්ත විසින් වරින් වර රුපියල් ලක්ෂ හයක මුදල් බැර කර තිබූ බවත් හෙළි වී තිබේ. එමෙන්ම අවස්ථා දෙකකදී සලින්තට ටී-56 ජීව උණ්ඩ 250කට අධික ප්‍රමාණයක් ලබා දී තිබුණා යැයි පොලිස් විමර්ශන මගින් අනාවරණය කර ඇත.

පොලීසිය පවසන්නේ මෙම ලුතිනන් කර්නල්වරයා සලින්තට ගිනිඅවිද ලබා දී ඇති බවට හැකියාවක් පවතින බවයි. ගාල්ල ප්‍රදේශයේ පදිංචි මෙම නිලධාරියා සලින්ත සමඟ දීර්ඝ කාලීන සබඳතාවයක් පවත්වාගෙන ආ බවද විමර්ශන හෙළි කරයි.

පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාගේ නායකත්වයෙන් සිදුකළ විමර්ශනවලදී මෙම අත්අඩංගුව සිදු වී ඇත. අදාළ නිලධාරියා වැඩිදුර විමර්ශන සඳහා ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories