2026 ජූලි 29 බදාදා, 03:19
නවතම පුවත්

හිරු මාධ්‍ය ජාලය මර්දනයට සමාජජාල මාධ්‍යවේදීන්ගේ සංගමයේ විරෝධය

හිරු මාධ්‍ය ජාලය සහ එහි සභාපතිවරයා ඇතුළු මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් රජය විසින් ක්‍රමානුකූලව දියත් කර ඇති මර්දනකාරී ක්‍රියාවලිය ශ්‍රී ලංකා සමාජජාල මාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැක තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ විවිධ රාජ්‍ය පරීක්ෂණ ආයතන වෙත මාධ්‍යවේදීන් කැඳවීම හරහා ඔවුන් මානසිකව පීඩනයට පත් කිරීමට රජය උත්සාහ කරමින් සිටින බවයි.

පසුගිය කාලසීමාව පුරා රජයේ විවිධ ආයතන සහ දේශපාලන බලධාරීන් හරහා එල්ල වන මෙම බලපෑම් හුදු නීතිමය ක්‍රියාවලියකට එහා ගිය දේශපාලන දඩයමක් බව එම සංගමය අවධාරණය කරයි. විශේෂයෙන්ම ජනතාව වෙත තොරතුරු ගෙන යන විකාශන බලපත්‍ර පිළිබඳ අත්තනෝමතික ප්‍රකාශ සිදු කරමින් මාධ්‍ය ආයතනයේ පැවැත්මට තර්ජනය කිරීම නිදහස් මාධ්‍ය සම්ප්‍රදායට එල්ල කරන බරපතළ හානියක් ලෙස ඔවුහු හඳුන්වා දෙති.

රජයේ අසමත්කම් සහ දූෂණ හෙළිදරව් කිරීමට එරෙහිව පළිගැනීමේ චේතනාවෙන් රාජ්‍ය බලය අවභාවිත කිරීම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් උල්ලංඝනය කිරීමක් බවත්, රජයට පක්ෂපාතී කණ්ඩායම් යොදවා මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගරුත්වය කෙලෙසන මඩ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම අනුමත කළ නොහැකි බවත් එම නිවේදනයේ දැක්වේ. ඕනෑම මාධ්‍ය ආයතනයකට ස්වාධීන මතයක් දැරීමට ඇති ව්‍යවස්ථාපිත අයිතිය සුරැකිය යුතු බව ඔවුන් පවසයි.

එක් මාධ්‍ය ආයතනයක් ඉලක්ක කර ගනිමින් සිදු කරන මෙම මර්දනය සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයටම එල්ල කරන අනතුරු ඇඟවීමක් ලෙස සලකන බව පවසන සමාජජාල මාධ්‍යවේදීන්ගේ සංගමය, මෙම පිළිවෙත වහාම නතර කරන ලෙස රජයෙන් ඉල්ලා සිටී. හිරු මාධ්‍ය ජාලයට එරෙහිව එල්ල වන ඕනෑම අසාධාරණ ක්‍රියාවකදී ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන පවා දැනුවත් කිරීමට කටයුතු කරන බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories