2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 15:26
නවතම පුවත්

දෙහිවල සත්තු වත්තෙන් පරෙවියන් 32ක් සොරකම් කරයි

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සතුන් රඳවා සිටි කූඩුවක් කඩා දමා, එහි සිටි 32 දෙනෙකු සොරකම් කර ඇති බව දෙහිවල පොලිසිය වාර්තා කරයි. මෙම සොරකම ඉකුත් දා (ඔක්තෝබර් 04) අලුයම සිදුව ඇත.

සත්වෝද්‍යානයේ සහකාර අධ්‍යක්ෂවරිය වන එස්.ඒ.ඩී.පී. සමන්මලී මහත්මිය විසින් පෙරේදා දහවල් කාලයේදී මේ පිළිබඳව පොලිසියට නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සොරකම් කරන ලද මෙම පරෙවියන් විශේෂ තොගයකට අයත් වන අතර, ඒවා මෑතකදී සත්වෝද්‍යානයට භාර දී තිබූ සතුන් ය.

පොලිස් වාර්තා අනුව, මෙම පරෙවියන් මුලින්ම නීති විරෝධී ලෙස බෝට්ටු මාර්ගයෙන් ඉන්දියාවේ සිට මෙරටට ගෙන එමින් තිබියදී පසුගිය ජූලි මාසයේදී පොලිසිය භාරයට ගෙන ඇත. පසුව, මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව අගෝස්තු 02 වන දින නඩු භාණ්ඩ ලෙස මෙම පරෙවි තොගය දෙහිවල සත්වෝද්‍යානයට ලැබී තිබිණි.

මෙම සොරකම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් හෝ සොරකම් කළ පරෙවියන් පිළිබඳ කිසිවක් හෙළි වී නොමැති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

දෙහිවල පොලිසිය මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, සිද්ධියට වගකිව යුත්තන් සහ සොරකම් කරන ලද සතුන් සොයා ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories