2026 ජූලි 29 බදාදා, 10:39
නවතම පුවත්

2024ට අදාළව වගා හානි වන්දි ගෙවා අවසන්

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පැවසුවේ 2024 යල කන්නයට අදාළ සියලුම වගා වන්දි මේ වන විට ගෙවා අවසන් බවයි.

2024- 2025 මහ කන්නයේ වගා හානි අභියාචනා වශයෙන් ලද රක්ෂණ වන්දි සුළු ප්‍රමාණයක් ගෙවීමට තිබෙන්නේ යැයිද එම වන්දි මුදල්ද කඩිනමින් ගෙවා අවසන් කිරීමට කටයුතු යොදා ඇතැයි ද ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනය කරයි .

එයට අමතරව 2025 වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට මෙතෙක් ගංවතුර, නියඟ, වන අලි හානියන්ට ලක් වූ වගාවන් පවතී නම් එම වගාවන්ට ද ජුනි මාසය නිමා වීමට පෙර සියලුම වන්දි ගෙවීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.

මෙහිදී රක්ෂණ මණ්ඩලය සඳහන් කරේ වී, බඩ ඉරිඟු, ලොකු ලුණු, අර්තාපල්, සෝයා, මිරිස්, යන වගාවන් සඳහා ගොවීන් රක්ෂණය වී නොමැති වුව ද, අක්කර 5ක් දක්වා නොමිලේ රක්ෂණ වන්දි ලබා දෙන බවයි.

එහිදී හෙක්ටයාරයකට රුපියල් 100000 ක උපරිමයකට යටත්ව වන්දි ගෙවීම නියමිත අතර 2024 වර්ෂයේ නොවැම්බර් මාසයේ වර්ෂාව හේතුවෙන් වූ වගා හානි සඳහා ගොවීන් 53511 දෙනෙකුට අක්කර 61071ක් සඳහා රුපියල් මිලියන 951ක මුදලක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ගෙවා අවසන් කර තිබෙයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories