2026 ජූලි 29 බදාදා, 03:00
නවතම පුවත්

ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාව වැසෙයි

අමෙරිකා එක්සත් ජනපදයට බලපා ඇති ඩෙවින් හිම කුණාටුවේ දරුණු බලපෑම හේතුවෙන් එරට ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු වී සහ ප්‍රමාද වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලොව විශාලතම ගුවන් ගමන් නිරීක්ෂණ දත්ත සමාගම වන ෆ්ලයිට් අවෙයාර් වෙබ් අඩවියට අනුව, ඊයේ පස්වරු වන විට අමෙරිකාව තුළ සහ ඉන් පිටතට ක්‍රියාත්මක වීමට තිබූ ගුවන් වාර 1,581 ක් සම්පූර්ණයෙන්ම අවලංගු කර තිබේ. මීට අමතරව තවත් ගුවන් ගමන් 6,883 ක් නියමිත වේලාවට වඩා ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.

නිව්යෝර්ක් නගරයට ද මෙම කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, ඊයේ රාත්‍රියේ එම නගරයෙන් මිලිමීටර් 250 ක් හෙවත් අඟල් 10 ක් තරම් ඉහළ හිම පතනයක් වාර්තා වී ඇත. මෙය පසුගිය වසර හතරක කාලය තුළ නිව්යෝර්ක් නගරයට බලපෑ දරුණුතම හිම පතනය ලෙස සැලකේ. මේ වන විට අමෙරිකානු වැසියන් මිලියන 40 කට අධික පිරිසක් ශීත කුණාටු අනතුරු ඇඟවීම් සහ විවිධ කාලගුණ උපදේශන යටතේ පසුවන බව ද බලධාරීන් පෙන්වා දෙයි.

හිම කුණාටුවට අමතරව කැලිෆෝනියා ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ද දැඩි අවදානමක් මතුව තිබේ. එහි පවතින ගංවතුර සහ කුණාටු සහිත තත්ත්වය හේතුවෙන් තවත් වැසියන් මිලියන 30 ක් පමණ ආරක්ෂිත ක්‍රියාමාර්ග සහ උපදේශන යටතේ සිටිති. අධික හිම පතනයත් සමඟ මාර්ග ලිස්සා යාම සහ දැඩි මීදුම් සහිත තත්ත්වයන් නිසා රථවාහන ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී ඇත.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම නිසා ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි වී ඇති අතර, සහන සේවා කණ්ඩායම් මේ වන විටත් අවදානම් ප්‍රදේශවල ජනතාවට සහන සැලසීම සඳහා සීරුවෙන් තබා තිබේ. ඉදිරි දින කිහිපය තුළ ද මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවට කාලගුණ අනාවැකි පල වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories