2026 ජූලි 31 සිකුරාදා, 00:07
නවතම පුවත්

හොංකොං සික්සස් තරගාවලියේ ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් පූර්ව වටයට

හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) සමත්විය.ඒ, තුන්වැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී නේපාලය ලකුණු 40කින් පරාජය කරමිනි.තරගයේ කාසියේ වාසිය නේපාලය දිනාගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වේගවත් ආරම්භයක් ලබා ගත්තේය.ඒ පළමු පන්දුවාර 3ට ලකුණු 58ක් රැස් කරමිනි.සඳුන් වීරක්කොඩි පන්දු 14කදී ලකුණු 50ක් රැස් කළ අතර ඔහුගේ ඉනිම හයේ පහර 5කින් සහ හතරේ පහර 4කින් වර්ණවත් වුණි.නායක ලහිරු මධුසංඛ පන්දු 8කදී නොදැවී ලකුණු 31ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ එක් හතරේ පහරක් ඇතුළත්ය.

ලහිරු සමරකොන් පන්දු 5කදී ලකුණු 22ක් රැස් කිරීමට සමත්වුණි.ඔහුගේ ඉනිම හයේ පහර 3කින් සහ හතරේ පහරකින් වර්ණවත් වුණි.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 6දී කඩුලු 2ක් පමණක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 123කි.ලකුණු 124ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නේපාල කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 18කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණි.

ඒ අනුව නේපාල කණ්ඩායමට පන්දුවාර 3යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 60ක් පමණි.පන්දු යැවීමේදී ලහිරු සමරකෝන් සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින් දවා ගත් අතර ධනංජය ලක්ෂාන් කඩුල්ලක් දවා ගත්තේය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories